ශ්‍රී ලංකාවේ දෙවැනි ‘ආදරණීයම සන්නාමය‘ ලෙසින් පැනඩෝල් ශ්‍රේණිගත වෙයි – බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්

    June, 18, 2018

    බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 2018 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ආදරණීයම සන්නාම අතුරින් දෙවැනි ස්ථානයට  පැනඩෝල් ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. මෙරට වාසීන්ගේ කායික වේදනාවන්ට සහනය ලබා දීමේ ප්‍රමුඛයා වන පැනඩෝල් SmithKline Beecham (GlaxoSmithKline) හි ප්‍රමුඛතම වෙළෙඳ සන්නාමය වේ.

    පසුගිය වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ආදරණීයම සන්නාම 10 අතරට පිවිසීමට නිරන්තරයෙන් සමත් වූ පැනඩෝල් 2017 වසරේ දී එහි හත්වැනි ස්ථානයට පත්විය.

    ගෙවීගිය අඩසියවසක කාලයක් පුරාවට ජාතියේ වේදනාවන්ට සහනය සලසන්නාගේ කාර්යභාරයෙන්  ඔබ්බට ගොස් ජනතාවගේ කායික වේදනාවන්ට සුවය කැඳවන්නා බවට පැනඩෝල් පත් වී ඇති බව නොරහසකි. දශලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ සහනය ගෙන දෙන ඖෂධීය නාමය බවට පැනඩෝල් පැමිණ ඇත්තේ එබැවිනි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් GSK ශ්‍රී ලංකා හි පාරිභෝගික සුරැකුම්, කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් මෙහ්රා මෙසේ කියා සිටියේය. “දශක පහක් පුරාවට ශ්‍රී ලාංකිකයින්ගේ වේදනාවන්ට සහන ගෙන ඒමේ දී වඩා විශ්වාසවන්තම මෙන්ම හිතෛෂී නාමය බවට පැනඩෝල් පිළිගැනෙනවා. එය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ දී අත්‍යාවශ්‍ය අංගයක් බවට අද වන විට පත්වෙලා. අපගේ පාරිභෝගික ජනතාව වෙත වෙනස්ම මෙන්ම නවතම මාර්ගවලින් ආමන්ත්‍රණය කිරීමට අපි කටයුතු කළා. වසර 50 ක් පුරාවට අප ආ ගමන් මගේ ඵලදායී අයුරින් අප පාරිභෝගික ජනතාව සමඟ සන්නිවේදනය පවත්වා ගෙන යාම මෙම ජයග්‍රහණයට බොහෝ සෙයින් ඉවහල් වුණා. අප පිළිබඳ තබා ගත් ඒ විශ්වාසය පිළිබඳව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සහ ශ්‍රී ලාංකීය ජනතාව වෙත අපි මේ මොහොතේ දී ස්තුතිවන්ත වෙනවා.“

    බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් යනු ලොව ප්‍රමුඛ පෙළේ ස්වාධීන සන්නාම ව්‍යාපාර ඇගයුම් හා මූලෝපායික උපදේශන ආයතනයකි. Brand Exchange හි මූලස්ථානය ලන්ඩන් නුවර පිහිටා තිබෙන අතර ලොව පුරා නගර 20 කට අධික ස්ථානවල බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ස්ථානගත වී ඇත. ලොව පුරා සෑම ක්ෂේත්‍රයකටම අදාළ වන පරිදි සන්නාම 3,500 ක් පමණ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් වාර්ෂිකව ඇගයීමට භාජනය කරනු ලබයි. එහි ප්‍රතිඵල මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම සන්නාම ප්‍රකාශයට පත් කිරීම Media Services / LMD හරහා The Brands Annual තුළින් සිදුකෙරේ.

    GlaxoSmithKline හි ප්‍රමුඛතම සන්නාමය ලෙසින් පැනඩෝල් නම් කළ හැකිය. GlaxoSmithKline යනු බහුජාතික සෞඛ්‍යාරක්ෂණ සමාගමක් වන අතර ඔවුන් හෝර්ලික්ස්, සෙන්සොඩයින්, වීවා, ඊනෝ සහ අයොඩෙක්ස් වැනි ගෘහස්ථ පාරිභෝගික භාණ්ඩ රැසක නිෂ්පාදකයා හා බෙදාහරින්නා වේ. ශ්‍රී ලංකාව තුළ දශක 5 කට අධික දිගු ඉතිහාසය තුළ, ආරකෂිත හා වගකීම් සහගතව ඖෂධ ලබාගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම පැනඩෝල් ක්‍රියාවට නංවා තිබේ. “Panadol for Children” කාණ්ඩය සඳහා ළමයින්ට විවර කළ නොහැකි මූඩියක් සහිතව ශ්‍රී ලංකාවේ පළමු සහ එකම වරට දියරමය පැරසිටමෝල් පානයක් හදුන්වා දෙනු ලැබුවේ පැනඩෝල් විසිනි. 2012 වසරේ දී නවීනතම තාක්ෂණයෙන් යුතු පැනඩෝල් නිෂ්පාදනාගාරයක් රත්මලානේ දී ස්ථාපිත කළ අතර ඒ සඳහා සිදුකළ ආයෝජනය රුපියල් මිලියන 217 කි. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් සිදුකරන ලද විශාලතම සෘජු විදේශීය ආයෝජනවලින් එකකි.