ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Quadricycle රථය මෙන්න

    January, 16, 2020

    ශ්‍රී ලංකාවේ මුල් වරට නිෂ්පාදනය කරන ලද "Quadricycle" වර්ගයේ මෝටර් රථයක් අද (16) දින එහි නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත හඳුන්වා දෙන ලදී.

    ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කරන ලද මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමින් ධාවනය කළ හැකි රථයක් ලෙසින් වාර්තා වේ.

    මෙම රථය අද දින කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නිරීක්ෂණයට ලක් වූ ආකාරය ඡායාරූපවලින් දැක්වේ.

    ඡායාරූප උපුටා ගැනීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි.