June, 17, 2024
Velona Cuddles ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කිසිඳු රසායනික ද්‍රව්‍යයකින් තොර ළදරු ආරක්ෂණ නිෂ්පාදන පෙලක් හදුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සුරැකුම් නිෂ්පාදන සන්නාමය වන Velona Cuddles, තවත් පියවරක් ඉදිරියට තබමින් මධ්‍යසාර වලින් තොර, pH අගය 5.5 වන ළදරු රැකවරණ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දෙන ලදී. අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර, ලොව ප්‍රථම සහ එකම ඩයපර් නිෂ්පාදන පෙළ ලෙස නම් දරා ඇති ශ්‍රී ලාංකාවේ එකම සන්නාමය Velona Cuddles වන අතර ඒ සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් ද පවතී. මධ්‍යසාරයෙන් තොර මෙම නව ළදරු සත්කාරක නිෂ්පාදන පෙළ, වසර 3 ක දැඩි තත්ව පර්යේෂණ සහ සංවර්ධනයන් හි ප්‍රතිඵලයක් වන අතර, Sebamed සහ Mustella වැනි ප්රමුඛ පෙළේ යුරෝපීය ළදරු සත්කාරක නිෂ්පාදනයන් හා සසඳමින් ඉතා ඉහළ ගුණාත්මක මට්ටමක් දක්වා Velona නිෂ්පාදනයන්හි තත්වය උසස් කොට තිබේ. මෙම නව නිෂ්පාදන පෙළ ඔස්සේ ළදරුවන්ට ආරක්ෂිත, මෘදු සහ උසස් තත්ත්වයේ ආරක්ෂාවක් ලබා දීම Velona Cuddles ආයතනයේ බලාපොරොත්තුවයි.
Velona Cuddles ඩයපර්වල සාර්ථකත්වයේ අත්දැකීම් ද ඇතිව, නව Velona Cuddles Alcohol-Free Baby Care නිෂ්පාදන පෙළට කොලෝන් වර්ග තුනක්, top-to-toe wash වර්ගයක්, බිළිඳු සමේ වියළි බව දුරලන මොයිස්චරයිසින් ලෝෂන් වර්ගයක් ඇතුළු ඉතා ක්‍රමවත්ව සකසන ලද නිෂ්පාදන වර්ග පහක් ඇතුළත් වේ. මෙම සෑම නිෂ්පාදනයක්ම මද්‍යසාරයෙන් තොර, ළඳරු සමේ 5.5 ස්වභාවික pH අගයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබේ. මෙම මුළු නිෂ්පාදන පෙළම sulphate, paraben සහ වෙනත් හානිකර සහ අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ද තොර වේ. මෙම නිෂ්පාදන මගින් සියුම් ළදරු සමට උපරිම ආරක්ෂාව සහ සුවපහසුව ලබා දීම ද සහතික කරයි.
මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් Velona සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා පැවසුවේ, Velona Cuddles අපි, අපගේ සියලු නිෂ්පාදනයන් දෙමව්පියන්ට තම ළදරුවන් සඳහා ලබා දීමට සුදුසු, ආරක්ෂිත මෙන්ම සුවපහසු බවෙන් සමන්විත බවට ඔබට සහතික වන්නෙමු. වෙළඳපොලේ ඇති බොහෝ ළදරු රැකවරණ නිෂ්පාදනවල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය මගින් විය හැකි සංකූලතා ප්‍රමාණය විවිධාකාර විය හැකි අතර, එවැනි රසායනික ද්‍රව්‍ය වලින්, විශේෂයෙන්ම මධ්‍යසාර මගින් සිදුවිය හැකි සම වියලීම, සමේ ස්වාභාවික තෙල් ගතිය ඉවත් වීම සහ වේදනාකාරී කුෂ්ඨ ආදිය ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, ඒවා මඟ හරවා ගැනීමට Velona නිෂ්පාදන විවිධ තත්ව පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසර 80කට වැඩි ඉතිහාසයක් සමඟින් Velona නිරන්තරයෙන්ම දරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දී සමාගමකි. Velona Cuddles හි මෙම නවමු ප්‍රවේශය ඔස්සේ, Velona සමාගමට ජාතික සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රාශියක් ද ලැබී තිබේ. ඒ අතරට, ACEF Asian Leader Forum සහ Awards හි හොඳම Eco Focused Organization – FMCG, සහ Best Eco Product – FMCG සඳහා වූ සම්මාන ද ඇතුළත් වේ.
Velona Cuddles වෙතින් හදුන්වා දෙන මද්‍යසාර වලින් තොර නව Velona Cuddles Alcohol-Free ළඳරු ආරක්ෂණ නිෂ්පාදන පෙළ මඟින් ආරක්ෂිත සහ තිරසාර ළදරු රැකවරණයක් කරා යන ගමනේ දී ඔවුන් ලබා දෙන අඛණ්ඩ නායකත්වය පිළිබිඹු කරයි. Velona Cuddles නිෂ්පාදන මිලදී ගැනීමෙන් දෙමාපියන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන භුක්ති විඳිය හැකි අතරම, තම දරුවාට සැපපහසු සහ සමට අහිතකර රසායනික ද්‍රව්‍යවලින් ඇති විය හැකි උපද්‍රවයන්ගෙන් තොර සුන්දර ළමා කාලයක් ළඟා කරදීමට ද හැකියාව ලැබේ.

Video Story