ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ දී

    July, 13, 2018

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදුවිය. මෙය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා සිංගප්පුරුවේ සර්බානා පුරෝගේ සමාගම එක්ව සකස් කරනු ලැබූ සැලැස්මකි.

    මෙම සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ මීළග ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. කටුනායක හා මත්තල හැරුණු විට මෙය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් සැලකේ.

    අදාළ සැලැස්මට අනුව කුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම වසර 2050 වන විට සම්පූර්ණ කිරීමට නියමිතය. ඒ අනුව ත්‍රිකුණාමලය ‘නැගෙනහිර සංචාරක කේන්ද්‍රස්ථානය‘ ලෙසින් ස්ථාපිත වනු ඇත.

    මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින්, සුබානා ජුරොන් ආයතනයේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.