August, 25, 2026
2026 අගෝස්තු 13 වන දින TVS ලංකා පුද්ගලික සමාගම විසින් නවීන තාක්ෂණය, කාර්යක්ෂමතාව සහ සුවපහසුව එකට එක් කළ TVS King EV MAX විද්‍යුත් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
තාක්ෂණය, තිරසාරභාවය සහ විශිෂ්ට කාර්යසාධනය එකට එක් කළ TVS King EV MAX විදුලි ත්‍රිරෝද රථය, ප්‍රවාහන අවශ්‍යතා සඳහා අනාගතයට ගැළපෙන විසඳුමක් ලෙස නිර්මාණය කර ඇත. ශක්තිමත් නිමාව, ඉහළ කල්පැවැත්ම සහ විශිෂ්ට කාර්යසාධනය සමඟින් සෑම ගමනක් සඳහාම විශ්වාසදායක, කාර්යක්ෂම සහ සුවපහසු අත්දැකීමක් ලබාදීමට එය සමත් වේ. නවීන තාක්ෂණය සමඟින් තිරසාර ප්රවාහන විසඳුම් හඳුන්වාදීම සඳහා TVS Motor Company සතු අඛණ්ඩ කැපවීමද මෙම නවතම නිෂ්පාදනය මඟින් තවදුරටත් තහවුරු කරයි.
එක් ආරෝපණයකින් කිලෝමීටර් 150කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි TVS King EV MAX, වැඩි ධාවන කාර්යක්ෂමතාවක් සහ අඩු මෙහෙයුම් වියදමක් සමඟින් පාරිභෝගිකයින්ගේ දෛනික කාර්යසාධනය ඉහළ නැංවීමට නිර්මාණය කර ඇත. එහි වේගවත් ආරෝපණ තාක්ෂණය මඟින් බැටරිය 0% සිට 80% දක්වා පැය 2යි විනාඩි 30ක් වැනි කෙටි කාලයකදී ආරෝපණය කළ හැකි අතර, එමඟින් charging downtime අවම කර වැඩි කාලයක් ධාවනයේ යෙදීමට හැකියාව ලබාදෙයි.
තත්පර 3.7ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර් 0 සිට 30 දක්වා වේගයක් ලබාගත හැකි TVS King EV MAX, ධාවනය සඳහා අවශ්‍ය වේගවත් සහ සුමට කාර්යසාධනයක් ලබාදෙයි. TVS SmartXonnect™ තාක්ෂණයෙන් සමන්විත මෙම නවීන විදුලි ත්‍රිරෝද රථය හරහා real-time navigation, vehicle alerts සහ vehicle diagnostics වැනි Smart Connected පහසුකම් smartphone එකක් හරහා පහසුවෙන් භාවිත කළ හැකිය. එමඟින් සෑම ගමනකදීම වැඩි පහසුවක්, පාලනයක් සහ කාර්යක්ෂමතාවක් අත්විඳීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ.
TVS King EV MAX බලගැන්වෙන්නේ 11 kW high-performance motor එකකින් සහ 51.2V Lithium-ion LFP battery එකකිනි. ධාවනය සඳහා අවශ්‍ය බලය සහ කාර්යක්ෂමතාව සපයන මෙම රථය, ECO – පැයට කිලෝමීටර් 40, City – පැයට කිලෝමීටර් 50 සහ Power – පැයට කිලෝමීටර් 60 යන ධාවන මාදිලි තුනක් හරහා විවිධ ධාවන අවශ්‍යතාවලට ගැළපෙන කාර්යසාධනයක් ලබාදෙයි. ඒ අනුව උපරිම පැයට කිලෝමීටර් 60ක වේගයක් ලබාගත හැකිය.
එමෙන්ම, පුළුල් සහ සුවපහසු cabin අවකාශය මෙන්ම ergonomically නිර්මාණය කළ ආසන මඟින් රියදුරු සහ මගීන් සඳහා වැඩි පහසුවක් සහ සුවපහසුවක් ලබාදෙයි. එමඟින් කෙටි මෙන්ම දීර්ඝ ගමන්වලදීද වඩාත් සුමට සහ සුවපහසු ගමන් අත්දැකීමක් සහතික කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ත්‍රිරෝද රථ සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, ප්‍රවාහනය, ජීවනෝපාය, සංචාරක කර්මාන්තය මෙන්ම දෛනික ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සඳහාද ඒවා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. රට වඩාත් තිරසාර ප්රවාහන විසඳුම් වෙත යොමුවෙමින් පවතින පසුබිමක, අඩු මෙහෙයුම් හා නඩත්තු වියදම්, ඉහළ කාර්යක්ෂමතාව සහ දෛනික ප්‍රවාහන කටයුතු සඳහා ඇති පහසුව හේතුවෙන් විදුලි ත්‍රිරෝද රථ සඳහා ඇති ඉල්ලුමද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
TVS ලංකා පුද්ගලික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා TVS King EV MAX හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය:
කාර්යක්ෂම, විශ්වසනීය සහ වඩාත් වාසිදායක ප්‍රවාහන විසඳුම් සඳහා ඇති ඉල්ලුම වර්ධනය වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විදුලි ත්‍රිරෝද රථ සඳහා ඇති ඉල්ලුමද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.”
TVS Lanka හි අපගේ කැපවීම TVS King EV MAX හඳුන්වාදීමෙන් පමණක් අවසන් නොවේ. පාරිභෝගිකයින්ට දිගුකාලීනව විශ්වාසයෙන් යුතුව මෙම රථය භාවිත කළ හැකි පරිදි, අලෙවියෙන් පසු සේවා, දිවයින පුරා විහිදුණු සේවා පහසුකම්, අවශ්‍ය අමතර කොටස් අඛණ්ඩව ලබාදීම සහ කඩිනම් පාරිභෝගික සහාය ඇතුළත් පුළුල් සේවා පද්ධතියක් ශක්තිමත් කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. විශේෂයෙන්ම, විදුලි ප්‍රවාහනය වෙත යොමුවන පාරිභෝගිකයින්ට දිගුකාලීන විශ්වාසයක්, ආරක්ෂාවක් ලබාදීම අපගේ ප්‍රමුඛ අරමුණයි.
එම පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා TVS Lanka විසින් විශේෂ බැටරි අලුත්වැඩියා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කරමින් සිටී. බැටරි පද්ධතියේ කිසියම් දෝෂයක් ඇති වූ අවස්ථාවකදී, සම්පූර්ණ බැටරි පද්ධතියම ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට මෙම මධ්‍යස්ථානය හරහා හැකියාව ලැබේ. වගකීම් කාලය තුළ මෙන්ම ඉන් පසුවද මෙම පහසුකම පාරිභෝගිකයින්ට ලබාගත හැකි අතර, අලුත්වැඩියා වියදම් අවම කිරීම, රථය භාවිතයෙන් ඉවත්වන කාලය අඩු කිරීම සහ විදුලි ප්‍රවාහනය කෙරෙහි පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.
TVS King EV MAX මේ වන විට ශ්‍රී ලංකාවේ තෝරාගත් TVS අලෙවි නියෝජිත ආයතන හරහා ලබාගත හැකි අතර, 2026 සැප්තැම්බර් මාසය වන විට දිවයින පුරා TVS අලෙවි නියෝජිත ජාලය හරහා ලබාගැනීමට හැකි වේ. පාරිභෝගිකයින්ට දිගුකාලීන විශ්වාසයක් ලබාදීම වෙනුවෙන් මෙම රථය වසර 6ක හෝ කිලෝමීටර් 150,000ක් (පළමුව ළඟා වන සීමාව අනුව) දක්වා වූ විශේෂ වගකීමකින් සමන්විත වේ. මෙම දීර්ඝකාලීන වගකීම, විශ්වසනීය සහ තිරසාර විදුලි ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා TVS Lanka සතු කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Video Story