March, 15, 2022
සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල නර්තන රටා සහ ඒ හා සම්බන්ධිත ශිල්ප 4 ක් ලේඛනගත කර සංරක්ෂණය කළ සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජාතික තානාපති අරමුදලේ (AFCP) ව්‍යාපෘතියක සමාප්ති උත්සසවය ඊයේ (14) මහනුවර දී පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් මහත්මිය එක් වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා ද ඊට එක්විය.
ඩොලර් 116,000 ක් වූ මෙම ප්රදානය සඳහා 2016 දී මුල පුරනු ලැබූ අතර, පහත දැක්වෙන රංග කලා සම්ප්‍රදායන් සංරක්ෂණය කර බෙදාහදා ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකරන මෙහෙය සඳහා මෙම සහාය ලබා දෙන ලදී.
1. උඩරට කොහොඹා කංකාරිය නර්තනය
2. උතුරු හා නැගෙනහිර දෙමළ කූතු නෘත්‍ය නාටක
3. නැගෙනහිර පළාතේ ආදිවාසි චාරිත්‍ර සහ සංස්කෘතික ව්‍යවහාර
4. දකුණේ නර්තන සම්ප්රදාය සහ දකුණු පළාතේ කෝලම් සම්ප්රදාය
ශ්‍රී ලාංකීය උරුමයට අයත් මෙම අස්පෘශ්‍ය ස්වභාවයේ උරුමයන් වර්තමානයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සෞන්දර්ය කලා දෙපාර්තමේන්තුව යටතේ අධිලේඛනගතව පවත්වා ගෙන යනු ලැබේ.
මහජනයාට ලබාගැනීම සහ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුව තකා මේවායේ කෙටි වීඩියෝ පට අන්තර්ජාලයෙන්
සබැඳිය ඔස්සේ සෞන්දර්ය කලා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
“එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර ඇති කරගත් සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සංස්කෘතීන් හි සම්ප්‍රදායන් වාර්තා කර, අනාගත පරම්පරාවලට ප්‍රවේශ වීම් හැකියාව ලබා දී තිබෙනවා. මේ සම්පූර්ණ වඋයෙමෙන් ම පිළිබිඹු වන්නේ අප දෙරට අතර පවතින සමීප සබඳතාවය සහ හවුල්කාරීත්වය යි“, යනුවෙන් චංග් තානාපතිවරිය මෙහිදී අදහස් පළ කළාය.
Video Story