ශ්‍රී ලංකාවේ සමාගමකින් උගන්ඩාවට ජලවිදුලිය

    July, 31, 2020

    උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Bukinda කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ජාතික පද්ධතියට 2020 ජූලි 30 දින සම්බන්ධ කළ බව විදුල්ලංකා පීඑල්සී නිවේදනය කර සිටී.

    මෙම ජලවිදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 6.5 ක ධාරිතාවයකින් යුක්ත වේ.

    වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 27.4 ක සැපයුමක් මෙමඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටක් කියා සිටී.

    මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු Timex Bukinda Hydro (U) Ltd සතුව පවතී. එය විදුල්ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි.

    මෙය විදුල්ලංකා පීඑල්සී හි දෙවැනි විදෙස් ව්‍යාපෘතියයි.