ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට 2021 ගෝලීය නව ව්‍යාපාර සම්මාන උළෙලේ දී හොඳම සාමූහික කාර්‍යාල අවකාශ සපයන්නා සඳහා සම්මානය Hatch දිනාගනී

    November, 24, 2021

    2021 වසරේ ගෝලීය නව ව්‍යාපාර සම්මාන උළෙලේ දී හොඳම සාමූහික කාර්‍යාල අවකාශ සපයන්නා (Co-working Space) සඳහා වන සම්මානය ශ්‍රී ලාංකික සාමූහිකකාර්‍යාල අවකාශ සපයන්නෙකු, නව ව්‍යාපාර ඉන්කියුබේටරයක් සහ වර්ධකයක් වන හැච් (Hatch) දිනාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ හෝ දකුණු ආසියාවේ ආයතනයක් විසින් මෙම කාණ්ඩය යටතේ සම්මානයක් දිනාගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර මෙය ශ්‍රී ලංකීය නව ව්‍යාපාර ක්ෂේත්‍රෙය් නව සංධිස්ථානයකි.

    හොඳම එක්ව චැඩකරන අවකාශය සඳහා සම්මානය හිමිවීම යනු හැච්“කාර්‍යාල අවකාශයක් නව ව්‍යාපාරයක ඉක්මණින් වර්ධනය කිරීම සඳහා එය විසින් ලබා දෙන සම්පත්, සහාය සහ අත්වැල වෙනුවෙන් මෙන්ම එය විසින් නිර්මාණය කරන නවෝත්පාදන සඳහා රුකුල් දෙන සහ ලෝකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන වටපිටාවක් සහ සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් ඇගයීමට ලක්වියයුතු” ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වීමකි. මෙහිදී පළමුව ප්‍රාදේශිය වශයෙනුත්, දෙවැනුව ගෝලීය වශයෙනුත් ලෙස ඉදිරිපත් වූ ආයතන 18,000කට වැඩි සංඛාවක් අතරින් මෙම සම්මානය සඳහා සුදුසුකම් කීමට හැච් අයතනයට හැකිවිය. අවසාන වටයේදී ජයග්‍රහණය සඳහා හැච් ආයතනයට කළාප මට්ටමින් ජයග්‍රහන හිමිකරගත් ගෝලීය මට්ටමේ තරඟ කරුවන් පස් දෙනෙකු හා තරඟ කිරීමට සිදුවිය. ගෝලීය නව ව්‍යාපාර සම්මානය තුළින් අනාගතය හැඩගස්වන ව්‍යාපාර හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමුකරන අතර පසුගිය දශකයේ දී UiPath, Zendesk, Supercell, Turbine and Grab වැනි ව්‍යාපර මේ තුළින් සම්මානයට පාත්‍ර වී ඇත.

    හැච් වෙත ලැබුන මේ ජාත්‍යන්තර සම්මානය එය විසින් පසුගිය වසර කිහිපය පුරා සිදුකරන ලද කර්ත්‍ව්‍යට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමකි. “වසර 3ක් වැනි කෙටි කාලයක් තුළ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදන වෙනුවෙන් අඩිතාලමක් වීම සඳහා අපේ දැක්ම සහ කැපවීම ජාත්‍යන්තර වශයෙන් පිළිගැණීමට ලක්වීම ගැන ස්තූතිවන්ත වෙනවා. මේ ජයග්‍රහණය දකුණු ආසියානුව තුළ පවතින නව ව්‍යාපාර ජාලයේ දැවැන්ත වර්ධනය සහ වය හොඳින් පිළිබිඹු කරනවා. ශ්‍රී ලාංකික නව ව්‍යාපර ජාලය දියුනු සහ ශක්තිමත් වගේම ඉදිරි පරම්පරාවේ නව ව්‍යාපාර උත්පාදනය කරන්නට සමත් බව ලෝකයාට පෙන්වීමට අප සූදානම්. ඕනම පරිසර පද්දතියක ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව රඳාපවතින්නේ සමාජය තුළ. මේ ආකර්ෂනීය ජාලය නිර්මාණය කරන්න සහ ශ්‍රී ලංකාව ලෝක සිතියමේ තියන්න අපට සහයා වුන අපේ හවුල් කරුවන්, උපදේශකයන් සහ අනුග්‍රාහකයන් ඇතුළු සියළු දෙනාටම අපේ හෘදයාංගම ස්තූතිය පුදකරනාවා. පසුගිය කාලය තුළ බාධක වලට මුහුණ දීමට සිදුවුවත් අපේ ඉදිරි ගමන ගැන හොඳ බලා පොරොත්තුවක් තියෙනවා.” හැච් සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීනී බ්‍රින්ධා සෙල්වදුරෙයි-ඥානම් පැවසීය.

    කොළඹ 01 සහ යාපනය යන නගරවල පිහිටා ඇති හැච් අනෙක් කාර්‍යාල අවකාශයන්ගෙන් වෙනස් වන ප්‍රධාන අංගය එය භෞතික අවකාශයකට වැඩි යමක් ලබාදීම වෙනුවෙන් සිදු කරන කැපවීමයි. 2018 වසරේ ආරම්භ කරන ලද හැච් නව ව්‍යාපාර පෝෂණය කිරීමටත් ව්‍යවසායකින්ට සහ නව ව්‍යාපාර වලට නිදහසේ වැඩිය හැකි විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කිරීමටත් කටයුතු කළේය. සමාගම්, කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාර සහ නව ව්‍යාපාර සඳහා දෙමුහුම් කාර්යාල පහසුකම් ලාබා දීමට හැකි අයුරින් සකස් කර ඇති හැච් හි කාර්යාල සහ සම්පත්, අනෙකුත් කාර්යාල සගයින් සමඟ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට හැකිවන අයුරින් පරිශීලක හිතකාමීලෙස සහ නිර්මාණාත්මක ලෙස නිර්මාණයක කර තිබේ. ආරම්භක වැඩසටහන් හතක් හරහා ව්‍යාපාරයන්හි වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම සහ දැනුම බෙදාගැනීමට හැච් කටයුතු කරයි. Kickass, Green Energy Champion සහ HatchX FinTech ඉන් කිහිපයකි. මේ වැඩසටහන් සියල්ල නව ව්‍යාපාරයන්හි අවශ්‍යතාවය ගැඹුරින් හඳුනාගෙන, අවශ්‍ය දේශීය සහ ජාත්‍යන්තර සම්පත් වලට, සබඳතා වලට ප්‍රවේශය ලබා දීමට සහ තාක්ෂනානුකූලව ධාරිතාව වර්ධනය කිරීමට හැකි වන අයුරින් නව ව්‍යාපාරවලට විශේෂිත වන පරිදි මනාවට නිර්මාණය කර තිබේ. මෙම වැඩසටහන් ඉතා හරහා නව ව්‍යාපාරයකට වැදගත් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ඇති වෙළඳපොළ අවස්ථා වලට මාර්ගය විවෘත කිරීමට කටයුතු කරයි.

    සහයෝගීතාව හැච් හි ආචාර ධර්ම අතර ප්‍රධාන තැනක් ගනී. ශ්‍රී ලාංකික නව ව්‍යාපාර වර්ධනය කිරීමට සහ පෝෂනය කිරීම සඳහා හැච් පෞද්ගලික අංශයේ ආයතන හකත් රාජ්‍ය අංශයේ ආයතන මෙන්ම මේ වන විට ජාත්‍යන්තර ආයතන සමඟ හවුල්කරුවන් ලෙස කටයුතු කරන අතර මේ වනවිට කලාපමට්ටමේ ජාල සමඟ හැකියා වර්ධනය සහ නව වෙළඳපොළ අවස්ථා ඇති කිරීමට සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.

    හැච් තුළ එයටමට ආවේනික වූ සුහදහීලී, කඩිසර සහ අඩු අවස්ථා හිමිවූ ව්‍යවසායක කණ්ඩායම් වලට පවා නව මාවත් විවර කිරීමට හැකි මිත්‍රශීලී සංස්කෘතියක් පවතී. ඔවුන් මේ වෙනුවෙන් දක්වන කැපවීම ලෝක ව්‍යවසායකත්ව දිනය වෙනුවෙන් දියත් කරන ලද කාන්තාවන් සඳහාම ඉලක්කකරගත් AccelerateHER වැඩසටහන තුළින් නිරූපනය විය.

    “ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ගෝලීය වේදිකාවක් ගෙන ඒම අපගේ දැක්මේ දිරියෙන්ම තිබුන දෙයක්. මේ සම්මානය තුළින් අපිට පුළුවන් ශ්‍රී ලංකාව සහ හැච් ගෝළිය වශයෙන් ව්‍යවසායකත්ව කේන්ද්‍රයක් බවට පත්කරන්න වගේම අපේ හැකියාවේ ගැඹුර සහ පරාසය විදහා දක්වන්න.” හැච් හි සම නිර්මාතෘ නාතන් සිවඥානනාදන් අවධාරණය කළේය.

    දේශිය හවුල් කරුවන් සිය ගණනක් සමඟ ළඟින් කටයුතු කරමින් නොයෙකුත් අවධියේ පසුවන ක්‍රියාශීලී නව ව්‍යාපාර, ආයෝජකයින්, වර්ධන/කඩිනම්කරන වැඩසටහන්, කාර්යාල පහසුකම් සපයන ආයතන සහ ව්‍යාපර නිර්මාතෘවරුන් හඳුනාගැනීම, හඳුන්වා දීම සහ සම්බන්ධ කර දීම ගෝලීය නව ව්‍යාපර සම්මානයෙහි අරමුණ වේ. 2012 ආරම්භ කරන ලද ලොව විශාලතම ස්වාධීන නව ව්‍යාපාර ජාල තරඟාවලිය වන මෙය ලොව පුරා විශ්ෂ්ඨතම නව ව්‍යාපාර, පුද්ගලයින්, ව්‍යාපාර ප්‍රාග්ධන හිමිකරුවන්, කාර්යාල අවකාශ සපයන ආයතන, ව්‍යාපාර වර්ධණ සහ කාර්යක්ෂම වැඩසටහන් හඳුන්වාදීමට කටයුතු කරයි.

    “2020 වසරෙ හැච් දකුණු ආසියානු කළාපය තුළ හොඳම කාර්යාල අවකාශ සපයන ආයතනය ලෙස තේරුනු අවස්ථාවේ මම හිතුවේ, අපි අපේ උපරිමයට ඇවිත් කියලා. අපි මිනුම් දණ්ඩක් විදියට යොදාගත්ත ImpactHub සහ Mesh වගේ ආයතන සමඟ එකම වේදිකාව සිටීම ඇත්තටම හීනයක්. පිබිදෙන කණ්ඩායමකට, නිසි අවස්ථා සහ මානසිකත්වයක් එක්ක, එකිනෙකාට උපකාර කරගන්න හවුල්කරුවන් සමඟ සහ දැඩි කැපවීමෙන් වැඩ කිරීම තුළින් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. හැච් කියන්නේ ඒකට දීප්තිමත් උදාහරණයක්. හැච් හි සම නිර්මාතෘ ජීවන් ඥානම් සිය කතාව සම්පිණ්ඩනය කළේය.