ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්වෙයි

    March, 10, 2022

    අඛණ්ඩව හත්වන වසරටත්, ජාත්යන්තර මූල්ය සංස්ථාව (IFC) විසින් 'ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සඳහා සීනුව නාද කිරීම' වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ ඒකාබද්ධව සිදුකෙරුණි. ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වන ලබන මෙම උත්සවය, ආර්ථිකය තුළ කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වය, වඩා සමාන අනාගතයක් හැඩගස්වා ගනිමින් තිරසාර සංවර්ධනයක්  ඇති කර ගැනීම යන අරමුණු මුලිකව සමරනු ලැබීය.

    මේ වෙනුවෙන් ජාත්යන්තර මූල්ය සංස්ථාව (IFC) හි කැපවීම තුල කාන්තා ව්යවසායකයින් සඳහා මූල්ය ප්රවේශය පුළුල් කිරීමට සහ නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් සංඛ්යාව වැඩි කිරීමට මූල්ය ආයතන සමඟ සබඳතා වැඩිදියුණු  කිරීම ඇතුළත් ස්ත්රී පුරුෂ සමානාත්මතාවය කෙරෙහි දැඩි අවධානය යොමු කෙරුණි.

    2016 දීකොළඹ කොටස් හුවමාරුව මෙම වැඩපිළිවෙල සමග සම්බන්ධ විය. වර්ධනය වන ව්යාපාර සහ ආර්ථිකය ඉස්මතු කිරීම සඳහා ජාතික මට්ටමේ ව්යාපාරික නායකයින්, ආයෝජකයින් සහ අනෙකුත් ප්රධාන පාර්ශවයන් කැඳවීමේ වේදිකාව මෙය බව අපි විශ්වාස කරමු. ස්ත්රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන්,” CSE හි සභාපති දුමිත් ප්රනාන්දු සදහන් කල සිටියේ. “අපගේ ලයිස්තුගත සමාගම් බොහොමයක් ඔවුන්ගේ අධ්යක්ෂක මණ්ඩලවලට ශක්තිමත්, ස්වාධීන කාන්තාවන්ගේ සහභාගීත්වයේ වැදගත්කම පෙන්වා දීමට කොළඹ කොටස් හුවමාරුව ලෙස අපද ඔවුන්ව දිරිමත් කරන අතර, අධ්යක්ෂක මණ්ඩල සදහා කාන්තාවන් සිටින ලැයිස්තුගත සමාගම් සංඛ්යාව වසර ගණනාවක් පුරා අඛණ්ඩ වර්ධනයකින් මෙය වඩාත් පැහැදිලි වේ. 2018 වසරේ සිට නව අධ්යක්ෂක මණ්ඩල තනතුරු 96ක් කාන්තාවන් විසින් අත්පත් කරගෙන ඇත. මෙය අපට ධනාත්මක ප්රවණතාවක් ලෙස දැකිය හැකි වුවද, අපට තවමත් කලාපීය වෙළඳපොළවල් සමග සැසදීමේදී මෙය වඩා අඩු අගයක් ගනී. එබැවින්, අපගේ ආයතනවල ප්රතිපත්ති සම්පාදකයින් ලෙස අප සැමට අපගේ ආයතනවල ස්ත්රී පුරුෂ සමානාත්මතාවය දිරිගැන්වීමේ වගකීම පැවරී ඇත.

    ශ්රී ලංකාවේ කාන්තා ශ්රම බලකා සහභාගීත්ව අනුපාතය 74% ස්ථාවර පිරිමි සහභාගිත්ව අනුපාතයට සාපේක්ෂව 35% පමණ එකතැන පල්වෙමින් පවතී. ඒ හා සමානව, සාමාන්ය කාන්තා විරැකියා අනුපාතය (7%) 2011 සහ 2019 අතර පිරිමින්ට (3%) වඩා දෙගුණයකටත් වඩා වැඩි මට්ටමක පැවතුනි. කාන්තා ශ්රම සහභාගීත්වය වැඩිදියුණු කිරීමෙන්, McKinsey Global Institute ඇස්තමේන්තු කර ඇති පරිදි, ශ්රී ලංකාවට වසරකට ඩොලර් බිලියන 20 ක දළ ආදායමක් එකතු කළ හැකිය. 2025 වන විට දේශීය නිෂ්පාදිතය (GDP) - ආර්ථික වර්ධනය 14% කින් පමණ වැඩි කල හැකිය.

    ස්ත්රී පුරුෂ සමානාත්මතාවය වේගවත් කිරීම මගින් පුද්ගලික අංශයේ මූල්ය ප්රතිලාභ උත්පාදනය කළ හැකි අතර, නැගී එන වෙලඳපොලවල සැලකිය යුතු ආර්ථික, පාරිසරික, සමාජීය සහ පාලන ජයග්රහණවලට මග පාදයි.

    “අද ස්ත්රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම තිරසාර හෙටක් සඳහා අත්යවශ්ය වේ. IFC ඇතුළු අනෙකුත් අධ්යයන වලට අනුව, අධ්යක්ෂ මණ්ඩලය තුළ ස්ත්රී පුරුෂ විවිධත්වය ඇති විට මූල්ය කාර්ය සාධනය ඉහළ නංවන බවත්, වඩා හොඳ තීරණ ගැනීමේ ක්රියාවලීන් ප්රවර්ධනය කරන බවත්, පරිසරය, සමාජීය සහ පාලන (ESG) භාවිතයන් වැඩිදියුණු කරන බවත් පෙන්නුම් කරයි,” IFC ශ්රී ලංකා සහ මාලදිවයිනේ කළමනාකරු ලීසා කැස්නර් පැවසුවාය. එමෙන්මරටේ ඉදිරි අභිවෘධිය සදහා කාන්තා ව්යාපාරික නායිකාවන් ඉතා වැදගත් වන අතරම, සමාගම් සහ ප්රතිපත්ති සම්පාදකයින් අද දක්වා ඇති ප්රගතිය වේගවත් කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

    IFC පර්යේෂණයට අනුව - IFC-DFAT Women in Work වැඩසටහන යටතේ - CSE-ලැයිස්තුගත මණ්ඩලවල කාන්තාවන් සංඛ්යාව 2018 හි 8.2% සිට 2022 දී 10.1% දක්වා (144 සිට 240 දක්වා) වැඩි විය. කෙසේ වෙතත්, මෙය ගෝලීය සාමාන් 20% වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී.  CSE-ලැයිස්තුගත සමාගම් අතරින් ඉහලම සමාගම් 30 අතර, IFC නවතම වාර්තාව මගින් උද්දීපනය කරන ලද පරිදි, අධ්යක්ෂක  මණ්ඩල විවිධත්වය සහ මූල්ය ක්රියාකාරිත්වය අතර සහසම්බන්ධය යන කරුණු  ධනාත්මක ප්රවණතා ලෙසින් වාර්තා විය . එමෙන්ම මුළු වත්කම්වල ප්රතිලාභ සහ මිල-ඉපැයීම් අනුපාතය වැනි දර්ශක මේ සමඟ පෙලගැසීය හැක.

    ජාත්යන්තර මූල්ය සංස්ථා (IFC) “Women on Boards” වැඩසටහන කාන්තාවන් පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමට අනිවාර්යය යහපත් ආයතනික භාවිතයන් ප්රචලිත කරන පුළුල් ප්රයන්ත වැඩසටහනකි. ජාත්යන්තර මූල්ය සංස්ථාව (IFC) සම්බන්ධ මෙවැනි වැඩසටහන් සඳහා  ඕස්ට්රේලියානු රජය විසින් සහාය වන IFC-DFAT Women in Work හවුල සහාය වේ.

    “Women in Work හවුල තුලින් කාන්තාවන් සඳහා අවස්ථා දියුණු කිරීම සහ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ඕස්ට්රේලියානු රජය කැපවී ඇත. වැඩි විවිධත්වය ව්යාපාර සහ ආර්ථිකයට හිතකර බවට ගෝලීය සාක්ෂි මත එය පදනම් වී ඇත,” ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පැවසීය.

    ජාත්යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී, ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ විවිධත්වය සඳහා වූ ව්යාපාරික අවස්ථාව පිළිබඳ විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි.මේ සදහා  සහභාගී වූවන් අතර Anoji De Silva, Partner Ernst & Young, John Keells Holdings PLC හි සභාපති ක්රිෂාන් බාලේන්ද්ර සහ Hela Clothing හි සභාපති රසකාන්ත රාසයියා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙය IFC-DFAT Women in Work වැඩසටහනේ වැඩසටහන් කළමනාකාරිනී Sarah Twigg විසින් මෙහෙයවන ලදී.

    IFC විසින් කාන්තාවන්ට ආර්ථික ක්රියාකාරීන් ලෙස සහයෝගය දැක්වීම සඳහා ප්රාග්ධන වෙලඳපොලද මෙයට දායකත්වය සපයා ඇත. මෙම කාර්යයට නායකත්ව ධාරිතාව සැපයීමේ කාන්තාවන්, ආයතනික පාලන අංශවලට  ස්ත්රී පුරුෂ භාවයේ  දර්ශක ඒකාබද්ධ කිරීම සඳහා නියාමකයින්ට සහාය වීම සහ ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව ස්ත්රී පුරුෂ සමානාත්මතා ක්රියාකාරකම් සඳහා වාර්ෂිකව Ring the Bell සම අනුග්රහය දැක්වීම ඇතුළත් වේ. 2015 දී හුවමාරු 10 කට වඩා අඩු සංඛ්යාවක සිට මෙම වසරේ වාර්තාගත හුවමාරු 120 ක් ලොව පුරා මෙම සිදුවීම් සඳහා සහභාගී විය.