April, 6, 2023
2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් ධාරිතාව 2019 පූර්ව කොවිඩ් අවධියේ එම කාලයට සාපේක්ෂව 68%ක වර්ධනයක්
කොවිඩ් සීමා ලිහිල් කිරීම, ජාත්‍යන්තර ගමනා ගමන සීමා මායිම් ලිහිල් කිරීම ආදී කාරණා හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් ප්‍රමාණය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. රජයන් සහ රාජ්‍ය තාන්ත්‍රික තානාපති මෙහෙයන්ට තාක්ෂණික සේවා සැපයීමේ විශේෂඥයෙක් මෙන්ම පරිභාහිර සේවා ලබාගැනීමේ පදනම් මත ක්‍රියාත්මකවන ලෝකයේ විශාලතම ආයතනයක් ලෙස ප්‍රකට VFS Global ආයතනයේ දත්ත වලට අනුව 2019 පූර්ව වසංගත අවධියට සාපෙක්ෂව 2022 වසර තුළ දී විසා අයදුම් කිරීමේ 68%ක වේගවත් වර්ධනයක් පෙන්නුම් කරනවා සේම 2021 ජාත්‍යන්තර ගමනාගමන සීමා මායිම් ලිහිල් කිරීමෙන් පසු 2022 වසරේ දී එය තුන්ගුණයක (332.12%) සුවිශේෂී වර්ධනයක් බව පෙන්වා දෙයි.

“අපට ඉතා අධික විසා ඉල්ලීම් ප්‍රමාණයක් ලැබීමේ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාවෙන් මෙන්ම දකුණු ආසියාතික කලාපයේම දක්නට පුලුවන්. 2022 වසරේ සිට විශාල පිරිසක් සිය රටවලින් පිටට යාමට වීසා අයදුම් කිරීමේ ප්‍රවණතාවය අපට දක්නට ලැබෙනවා. එසේම මෙය මේ වසර දක්වාම මේ පවතින සීඝ්‍රතාවයෙන්ම ඉහළ යයි කියලත් අප විශ්වාස කරනවා. මේ ප්‍රවණතාව ඉදිරියටත් මෙසේම පවතී යැයි අපට නිරීක්ෂණය කළ හැකි නිසා අප වීසා අයදුම් කරන අපේ සේවාදායකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ ඔබේ වීසා අයදුම් කිරීම හැකි ඉක්මනින් සහ කලින් සිදු කරගන්න උත්සහ කරන්නේ නම් අවසාන මොහොතේ සිදුවිය හැකි අපහසුතාවලින් වැළකී ඉන්න පුලුවන් වෙයි”, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී VFS Global ආයතනයේ දකුණු ආසියාව භාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රබුද්ධ සෙන් මෙසේ පැවසීය.
කොවිඩ් වසංගතයෙන් පසුව විවිධ ප්‍රවණතාවන් මතුවූ අතර සංචාරකයන්ගේ හුරුපුරුදු ද වෙනස්වීම සිදුවිය. එසේ වෙනස් වූ තවත් එක් කාරණයක් වූයේ තමන්ටම සුවිශේෂීකරණය වූ සමීප සේවා සපයා ගැනීමයි. නිවසටම පැමිණ වීසා ලබාගැනීමේ සේවා සැපයීම Visa At Your Doorstep (VAYD) මඟින් සංචාරකයින්ට තමන් කැමති ස්ථානයකට ගෙන්වා ගෙන විසා සේවා අයදුම් කිරීමේ පහසුව තිබෙයි. එසේම 2019 වසරට සාපෙක්ෂව 2022 දී එම ඉල්ලීම් ප්‍රමාණය දෙගුණයක් විය. එක්සත් රාජධානියට වීසා අයදුම්කරන්නන්ට මෙම සේවාව ලංකාව තුළ දී ලබා ගත හැක. එසේම ඪත්‍ී ඨකදඉ්ක ආයතනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආණ්ඩුවේ සේවාදායකයින් 19 කටත් ආණ්ඩුව නියෝජනය කරන සේවාදායකයින් 17 දෙනෙකුටත් සේවා සපයයි.
“නව සාමාන්‍ය තුළ සෞඛ්‍ය සුරක්ෂිතාවයට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින් බාධාවකින් තොරව සුරක්ෂිත වීසා අත්දැකීමක් ලබා දෙන සේවාවන් තෝරා ගන්නා බව අපට දක්නට පුලුවන්.” යැයි වැඩිදුරටත් සෙන් පැවසීය.
සිසුන්ගේ සංචාර සමය මාස කිහිපයකින් ආරම්භ වීමට නියමිත බැවින්, කාර්යබහුලත්වය අවම කිරීමට ශ්‍රි ලංකාවේ VFS Global මධ්‍යස්ථානය සිය සේවා කාලය තවත් පැය කිහිපයකින් දීර්ඝ කර තිබේ. එසේම ආයතනය විසින් මාලදිවයින් ශිෂ්‍යයන්ගේ වීසා කටයුතු වඩාත් වේගවත්ව සිදුකිරීම වෙනුවෙන් මාලදිවයිනේ මාලේ අගනගරයේ ද තාවකාලික වීසා සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
කාර්යබහුල සමයේ සංචාරක මාර්ගෝපදේශනය
#ApplyinAdvance (කලින් අයදුම් කරන්න)
ගුවන්යානා වෙන්කර ගැනීම සහ නවාතැන් පහසුකම් වෙන්කර ගැනීම කරන අවස්ථාව තුළ දීම තමන්ගේ වීසා අයදුම් කිරීමත් ආරම්භ කළයුතු බව අපේ නිර්දේශයයි. බොහෝ රටවල් ඔබ සංචාරය කරන දිනයට මාස තුනකට (දින 90කට) ප්‍රථමයෙන් වීසා භාරගැනීම සිදුකරයි. 2020 පෙබරවාරි 09වැනිදා නිතී පටිපාටිවලට අනුව යුරෝපීය යුනියනයේ වීසා අයදුම් කිරීම Schengen Visa) තමන්ගේ සංචාරක දිනයට මාස 6කට කලින් සිදුකර ගැනීමේ හැකියාව පවතී. මේ වසරේ දී අධික අයදුම්පත් ලැබීමේ ප්‍රවණතාවය සහ සීමාසහිත සේවා වෙන්කරවා ගැනීමේ කාලසීමා ප්‍රමාණයක් ඇති බැවින් වීසා අයදුම් කරන්නන්ට හැකි ඉක්මනින් තමන්ගේ වීසා අයදුම් කරන ලෙස අපි ඉල්ලීම් කරන්නට කැමැත්තෙමු.
#DoNotFallForFraud (වංචාවන්ට හසුවන්න එපා)
VFS Global නාමය පවසා හෝ වෙනත් නමකින් පැමිණ වීසා අයදුම් කරන්නන්ට පහසු සේවා කාලයක් වෙන්කරවා දෙන බව පවසා පාරිභෝගිකයන් රවටා මුදල් ලබාගන්නා වංචාකාරී ආයතනයන්ගෙන් පරෙස්සම්වන ලෙස අපි ඔබ දැනුවත් කිරීමට කැමැත්තෙමු. සේවා කාලයක් වෙන්කරවා ගැනීමට අප කිසිදු මුදලක් අය නොකරන අතර ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා අප හා සම්බන්ධ වීමට communications@vfsglobal.com වෙත විද්්‍යුත් පණිවිඩයක් එවීමේ හැකියාව ඔබට විවෘත කර ඇත.
සුවපහසු ක්‍රමානූකූල විසා අයදුම් කිරීම් අත්දැකීමක් ලබාගැනීමට අපගේ සේවා අගය එකතු කිරීම් අත්විඳින්න.
වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
Video Story