ශ්‍රී ලංකාවේ FinTech ගමන, ‘FinTech Festival 2026’ සමඟින් නව පරිච්ඡේදයකට පිවිසෙයි

    August, 26, 2026

    ඩිජිටල් ආර්ථික අමාත්යාංශය හා එක්ව ශ්රී ලංකා ෆින්ටෙක් සංසදය (FinTech Forum Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන "ශ්රී ලංකා ෆින්ටෙක් ෆෙස්ටිවල් 2026" (Sri Lanka FinTech Festival 2026) සමඟින්, කලාපීය ඩිජිටල් මූල්ය ක්ෂේත්රය තුළ ශ්රී ලංකාව ශක්තිමත් පියවරක් තබයි.
    ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය (25) දා කොළඹ අමාරි (Amari Colombo) හෝටල් පරිශ්රයේදී පැවැති විශේෂ මාධ්ය හමුවට එක්වෙමින් මේ පිළිබඳව නිල වශයෙන් මාධ්ය වෙත නිවේදනය කළ අතර, එහිදී උළෙලට අදාළ නිල වෙබ් අඩවිය වන www.fintechfestival.lk ද එළි දැක්වීම ද සිදු විය.
    2026 නොවැම්බර් 02 සහ 03 යන දිනවල කොළඹ ෂැංග්රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වෙන මෙම දෙදින සමුළුව, ශ්රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් මූල්ය හැකියාවන් ප්රදර්ශනය කිරීමට සහ දේශීය පරිසර පද්ධතිය කලාපීය හා ගෝලීය අවස්ථාවන් සමඟ සම්බන්ධ කිරීමට රජය, බැංකු, මූල්ය සේවා, ෆින්ටෙක් සහ තාක්ෂණික ක්ෂේත්රවල නායකයින් සහ නවෝත්පාදකයින් එක් කරනු ඇත.
    මූල්ය ක්ෂේත්රයේ කෘත්රිම බුද්ධිය (AI in finance), ඩිජිටල් වත්කම්, සීමාසහිත/දෙරට අතර ගෙවීම් සහ ප්රේෂණ (cross-border payments and remittances), ටෝකන්කරණය (tokenisation), ඩිජිටල් මහජන යටිතල පහසුකම් සහ ඩිජිටල් අනන්යතාව, මූල්ය සම්පූර්ණත්වය (financial inclusion), සුළු හා මාධ්ය පරිමාණ ව්යාපාරික මූල්ය පහසුකම්, සංචාරක ගෙවීම් ක්රම, සයිබර් ආරක්ෂණය සහ මූල්ය වංචා වැළැක්වීම ඇතුළු මූල්ය අනාගතය හැඩගස්වන ප්රධාන ප්රවණතා පිළිබඳව මෙම උළෙලදී සාකච්ඡා කිරීමට නියමිතය.
    මෙම වැඩසටහන යටතේ නොවැම්බර් 02 වනදා CEOs Night පැවැත්වෙන අතර, එය බැංකු, ෆින්ටෙක්, රජය සහ තාක්ෂණික ක්ෂේත්රවල ජ්යෙෂ්ඨ නායකයින්ට සංවාදවල යෙදීමට සහ සහයෝගීතාව සඳහා වන අවස්ථාවන් ගවේෂණය කිරීමට සුවිශේෂී වේදිකාවක් ගොඩනගනු ඇත. නොවැම්බර් 03 වන දින පැවැත්වෙන "Sri Lanka FinTech Expo" ප්රධාන දේශන සහ මූල්ය තාක්ෂණයේ අනාගතය පිළිබඳ සංවාද මණ්ඩප රැසකින් සමන්විත වන අතර, ඒ සඳහා ක්ෂේත්රයේ නායකයින්, නවෝත්පාදකයින් සහ විශේෂඥයින් එක්වනු ඇත. මෙම උළෙල නොවැම්බර් 03 වන දින රාත්රියේ පැවැත්වෙන "FinTech Night" මඟින් අවසන් වන අතර, එය ශ්රී ලංකාවේ වර්ධනය වන ෆින්ටෙක් පරිසර පද්ධතිය තුළ සබඳතා ශක්තිමත් කරගැනීමට, අදහස් හුවමාරු කරගැනීමට සහ නව පාර්ශ්වකාරීත්වයන් ගොඩනගා ගැනීමට වටිනා අවස්ථාවක් ලබාදෙනු ඇත.
    මෙම මාධ්ය හමුවේදී ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා සහ ෆින්ටෙක් සංසදයේ උප සභාපති කොන්රාඩ් ඩයස් යන මහත්වරු අදහස් දැක්වූහ.
    එමෙන්ම රජය, බැංකු හා මූල්ය සේවා අංශය, ෆින්ටෙක් සහ තාක්ෂණික කර්මාන්ත නියෝජනය කරන සම්භාවනීය අමුත්තන්, ශ්රී ලංකා ෆින්ටෙක් උළෙලේ සංවිධායකයින් සහ මාධ්යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    වැඩිදුර තොරතුරු සඳහා www.fintechfestival.lk වෙත පිවිසෙන්න.

    Video Story

    Stock Market

    Exchange Rates