ශ්‍රී ලංකාවේ Multi-Branded අත්ඔරලෝසු අලෙවියේ නව කඩඉමක් සලකුණු කරමින් Blink International සමාගම විසින් Wristlab ආයතනය පවරා ගනියි

    September, 23, 2026

    ශ්‍රී ලංකාවේ අත්ඔරලෝසු අලෙවි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දැවැන්තයන් අතර Blink International සමාගමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව සුපතල අත්ඔරලෝසු සන්නාම වඩාත් විශ්වසනීය හා සාධාරණ මිලකට ලබාගත හැකි සමාගමක් ලෙස Blink International ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත. මෙරට අත්ඔරලෝසු අලෙවිය වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ දීර්ඝකාලීන උපායමාර්ගික සැලසුමක එක් පියවරක් ලෙස, Blink International සමාගම විසින් Wristlab ආයතනය පූර්ණ වශයෙන් ඔවුන් යටතට පවරා ගැනීමට පසුගියදා කටයුතු කළේය. Wristlab ආයතනය සතු පාරිභෝගික විශ්වාසය සහ Blink සමාගමේ ව්‍යාපාරික අත්දැකීම්, ශක්තිමත් වෙළඳපොළ ස්ථාවරත්වය එකට එක් කරමින් නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගැනීමටත්, නිෂ්පාදන පරාසය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම මෙම පවරා ගැනීමේ ප්‍රධාන අරමුණයි.

    Orbit Worldwide පුද්ගලික සමාගම යටතේ 2019 වසරේදී ආරම්භ කරන ලද Wristlab ආයතනය, සියලුම අත්ඔරලෝසු වර්ග එකම තැනකින් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් වෙළඳ ආයතනයක් වූ අතර මෙය මෙරට අත්ඔරලෝසු වෙළඳපොළ තුළ තිබූ කැපී පෙනෙන අඩුවකට ද මනා විසඳුමක් විය. මෙහිදී වෙන වෙනම වෙබ් අඩවිවල සෙවීම වෙනුවට, ලොව ප්‍රමුඛපෙළේ අත්ඔරලෝසු සන්නාම එකම වහලක් යටින් පහසුවෙන්ම තෝරාගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි විය.

    මෙම පවරා ගැනීමෙන් පසු, Wristlab ආයතනය පූර්ණ වශයෙන් Blink සමාගමේ පාරිභෝගික අලෙවි අංශය ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. ජාත්‍යන්තර අත්ඔරලෝසු සන්නාම රැසක් ශ්‍රී ලංකාවේදී එකම තැනකින් මිලදී ගත හැකි විශාලතම වෙළඳපොළ ලෙස වර්ධනය කිරීම මෙහි අරමුණයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අත්ඔරලෝසු නිෂ්පාදනයක් මිලදී ගැනීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම සහ වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සැපයීම ද මෙහි තවත් එක් අරමුණකි. මෙමඟින් පාරිභෝගිකයන්ට තෝරා ගැනීමට මාදිලි රැසක් සහ වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් හිමිවනු ඇත.

    මෙම සුවිශේෂී උපායමාර්ගික පියවර මගින් CASIO, G-SHOCK සහ EDIFICE යන ලෝ සුපතල සන්නාමයන්හි ශ්‍රී ලංකාවේ නිල අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කිරීමට Blink සමාගමට අවස්ථාව ලැබේ. ඒ අනුව එම සන්නාමයන් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම, බලයලත් අලෙවි ජාලය පවත්වා ගැනීම, බෙදාහැරීම සහ අලෙවියෙන් පසු සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම යන කරුණු Blink සමාගමේ පූර්ණ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ සිදු වීමට නියමිතය. මෙලෙස වෙන වෙනම විශේෂිත ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ආයතන දෙකටම එකිනෙකට සහයෝගයෙන් කටයුතු කරමින් ස්වාධීනව වර්ධනය වීමට ද හැකියාව උදාවනු ඇත.

    මෙම පවරා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් Blink International සමාගමේ අධ්‍යක්ෂ මොහොමඩ් මන්සූර් මහතා මෙසේ සඳහන් කළේය, "මෙය අත්ඔරලෝසු අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ වර්ධනය කළ හැකි බහු-සන්නාම වෙළඳපොළක් ගොඩනැගීම සඳහා තැබූ උපායමාර්ගික පියවරක්. Blink සමාගම සන්නාම ගොඩනැගීම, බෙදාහැරීම සහ අලෙවියෙන් පසු සේවාව කෙරෙහි අවධානය යොමු කරන අතර, Wristlab ආයතනය නියමිත ප්‍රමිතියෙන් යුතු ඔරලෝසු එකම තැනකින් ලබාගත හැකි ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ඇත. මෙලෙස විධිමත්ව වැඩ බෙදීයාම මගින් සන්නාම පාර්ශවකරුවන්ට සහ පාරිභෝගිකයන්ට උපරිම වාසියක් හිමි කර දීම අපගේ අපේක්ෂාවයි."

    Avarna Ventures යටතේ 2014 වසරේදී ආරම්භ කරන ලද Blink සමාගම, ශ්‍රී ලංකාව පුරා පිහිටි බලයලත් අලෙවිසැල් 155කට වැඩි ප්‍රමාණයකින් සමන්විත සුවිසල් බෙදාහැරීමේ ජාලයකට හිමිකම් කියන සමාගමකි. එමෙන්ම විශ්වසනීය අලෙවියෙන් පසු සේවාවක් සහ නිල උපාංග ලබාගැනීමේ හැකියාවද ඔවුන් සතු වේ. මෙම ශක්තිමත් මෙහෙයුම් පදනම සමඟ Wristlab අලෙවි ජාලය ඒකාබද්ධ කිරීම මඟින්, බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ අත්ඔරලෝසු අලෙවිය අතර මනා සම්බන්ධයක් ගොඩනැඟීමට හේතු වනු ඇත.

    එපමණක් නොව, Wristlab ආයතනය විශේෂිත බහු-සන්නාම වෙළඳපොළක් ලෙස තවත් වර්ධනය වීමටද මෙම උපායමාර්ගික පවරා ගැනීම නිසැකවම හේතු වනු ඇත. එමෙන්ම, Blink සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අත්ඔරලෝසු බෙදාහරින්නා ලෙස සිය වෙළඳපොළ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරගන්නටත් මෙම පවරා ගැනීම ඉවහල් වනු නොඅනුමානය.