ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කිරීමේ කොන්ත්‍රාත්තුව ජේ. වෝල්ටර් තොම්සන්ට පවරයි

    October, 17, 2018

    ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචාරණය කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව, වෙළඳ ප්‍රචාරක ආයතන 06ක් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 314ක මුදලකට ජේ. වෝල්ටර් තොම්සන් ආයතනය වෙත පිරිනැමීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.