ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛතම ත්‍රාසජනක සංචාරක ගමනාන්තය ලෙස පිළිගැනිමට ලක් වේ

    September, 18, 2018

    අන්තර්ජාතිකව විශිෂ්ටත්වයේ සලකුණක් සේ සැලකෙන ලෝක සංචාරක සම්මාන (World Travel Awards) උළෙලේ 25 වැනි වාර්ෂික උත්සවයේ දී ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛතම වික‍්‍රමශීලි/ ත්‍රාසජනක සංචාරක ගමනාන්තය ලෙස සම්මානයට ලක් විය. එම උළෙ‍ලේ ජයග්‍රාහකයන්, අනෙකුන් සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ලෝකයේ සම්මතයන් සකසන අතර,  මෙවර එය හොන්ග් කොන්ග් හි Intercontinental Grand Stanford Hotel හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය.

    සෑම වර්ෂයක ම මෙම සම්මාන උළෙල මගින් ලොව පුරා කලාපීය උත්සව මාලාවක් සංවිධානය කරනු ලබන අතර එමගින් සෑම ප්‍රධාන භූගෝලීය ප්‍රදේශයක ම තනි පුද්ගල හා සාමූහික ජයග්‍රහණ හඳුනා ගැනීමත් ඒවා සැමරීමත් සිදු කරනු ලබයි. මෙම වර්ෂයේ ආසියානු හා දකුණු ශාන්තිකර දිවයින්වලට අයත් සම්මාන උළෙ‍ල සැප්තැම්බර් 3 වැනි දින හොන්ග් කොන්ග් හි Intercontinental Grand Stanford Hotel හිදී පැවැත් වූ අතර ලොව නන් දෙසින් පැමිණි කර්මාන්තයේ ප්‍රභලයන් සහ නව ප්‍රවේශකයන් රැසක් ඒ සඳහා සහභාගී විය.

    "2018 වර්ෂයේ ආසියාවේ ප්‍රමුඛතම වික්‍රමශීලී/ ත්‍රාසජනක ගමනාන්තය" සඳහා වන සම්මානයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පිදුම් ලැබීය. එහි සභාපති fvහාන් සෙනෙවිරත්න හා අධ්‍යක්ෂක - සිදුවීම් (Director Events,) ප්‍රසාද් දලුවත්ත විසින් එම සම්මානය ලබා ගන්නා ලදී.

    2018 ආසියානු හා දකුණු ශාන්තිකර දිවයින්වලට අයත් සම්මාන උත්සවය මෙම වර්ෂයේ පැවත් වූ විශිෂ්ටතම සංචාර ව්‍යාපාරය හා සම්බන්ධ උත්සව අවස්ථාව ලෙස සැලකිය හැක. මේ සඳහා ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටින විශිෂ්ට පුද්ගලයෝ රැසක් සහභාගී වූහ.

    ලොව පුරා සිටින සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තිකයන් හා ව්‍යාපාර හා සංචාරක පාරිභෝගිකයන් මෙම සම්මාන වලට අදාළ ව තම මනාප පළ කොට ඇත. ගත වූ මාස 12ක කාලය තුළ යම් ආයතනයක් විසින් විශිෂ්ටත්වය සඳහා සිදු කරන කැපවීම මෙම සම්මාන ප්‍රදානය මගින් හඳුනා ගැනේ.  අන්තර්ජාතික ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගය කිරීමට 25වැනි වරටත් පවත්වනු ලැබූ මෙම උත්සවයේ තුන්වැනි අදියර ඒ  ආකාරයෙන් පවත්වන ලදී. එහි දී ජයග්‍රාහකයන් නිවේදනය කිරීම හා  සම්මාන පිරිනැමීමට සමගාමී ව මාධ්‍ය සාකච්ඡා ද පවත්වනු ලැබීය.

    මෙහි ජයග්‍රාහකයන් අතරට වියට්නාමය ද අයත් විය. දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ "ආසියාවේ ප්‍රමුඛතම ගමනාන්තය" ලෙස සම්මාන ලැබීමට එරටට හැකි විය. විශිෂ්ට නාගරික පරිසරයකින් හා සුන්දර වෙරළ තීරයකින් සමන්විත සිඩ්නි නගරය " දකුණු ශාන්තිකර දිවයින්වලට ප්‍රමුඛතම ගමනාන්තය" බවට පත් විය.

    ලෝක සංචාරක සම්මාන උළෙලේ නිර්මාතෘ හා සභාපති වන ග්‍රැහැම් කුක් විසින් මෙලෙස තම අදහස් පළ කරන ලදී. "ආකර්ෂණීය හොන්ග් කොන්ග් පුරවරයේ සොඳුරු සන්ධ්‍යා යාමයක පැවති එම උත්සවයට ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ ඇති විශිෂ්ටතම හෝටල්, ගුවන් සේවා සමාගම් හා එම රටවල ආගන්තුක සත්කාර සැපයුම්කරුවන් ආදිය බොහොමයක් සහභාගී වූ අතර එමගින් ඔවුන් හඳුනා ගැනීමට ද අවස්ථාව සැලසිණි. මම ඔවුන්ට සුභ පතන්නෙමි." යනුවෙන් ඔහු පැවසුවේය.

    සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා එකිනෙකට සම්බන්ධ කරන්නක් ලෙස මෙම උත්සවය දැක්විය හැක. ඊට රාජ්‍ය නායකයන්, විවිධ කර්මාන්ත පවත්වාගෙන යන්නන්, උගත් පුද්ගලයන් හා මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ද එක් වේ.

    මෙම සම්මානය ලැබීමෙන් අනතුරු ව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති, fvහාන් සෙනෙවිරත්න මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම උදෙසා ක්‍රියා කළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කාර්යමණ්ඩලයට එම අන්තර්ජාතික පිළිගැනීම සම්බන්ධයෙන් සියලු ගෞරවය හිමි විය යුතු බව ය.

     

    ඡායාරූපය - ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති ඩෙහාන් සෙනෙවිරත්න හා එහි කළමණාකාර අධ්‍යක්ෂක ප්‍රසාද් දලුවත්ත විසින් හොන්ග් කොන්ග් හි Intercontinental Grand Stanford Hotel හිදී පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දී එහි නිලධාරීන් අතින් සම්මාන ලබා ගන්නා අවස්ථාව