ශ්‍රී ලංකාව ගැන IMF විශේෂ ප්‍රකාශයක් අද

    May, 15, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වට් ජහාන් යන දූත පිරිසගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත පළමු සමාලෝචන මෙහෙයුම් වාරයට පෙර පැවැත්වෙන උපදේශන සැසිවාරයන් හි එකක් ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් පසුගිය මැයි 11 වනදා ශ්‍රී ලංකා පැමිණි අතර ඔවුන් මැයි 23 දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිනු ඇත.