ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    September, 8, 2020

    “HCL ටෙක්නොලොජීස් සමාගම සිය පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්යස්ථානය ශ්රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට ඔබ හා එක්වීමට ලැබීම මහත් සතුටක්. ජාතියක් වශයෙන්, එච්.සී.එල් වැනි බහුජාතික තාක්ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. එපමණක් නොව, මෙම මධ්යස්ථානය අපගේ තරුණ තරුණියන්ට ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වෙනවා“, යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන HCL ටෙක්නොලොජීස් සමාගමේ පළමු ගෝලීය බෙදාහැරීම් මධ්යස්ථානය ශ්රී ලංකාවේ ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
    “ඔබ දන්නා පරිදි, නව රජය දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් සමාජයක් ඔස්සේ ශ්රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්රස්ථානයක් බවට පත් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ප්රමුඛතාව දී තිබෙනවා.“
    “අපගේ දැක්ම ශ්රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්රතිපත්තියක් යටතේ ක්රියාත්මක කිරීමයි. ඒ අනුව පුරවැසි කේන්ද්රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටිනවා.“
    “එවැනි පසුබිමක අද මෙවැනි මධ්යස්ථානයක් ආරම්භවීම විශාල වැදගත්කමක් දරනවා. HCL ටෙක්නොලොජීස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්රමුඛයෙකු ශ්රී ලංකාවට සම්පතක්. ශ්රී ලංකාව නැවත ව්යාපාරය ලෝකයට පැමිණ ඇති බවට මුළු ලෝකයටම එය ප්රබල පණිවිඩයක්. HCL ටෙක්නොලොජීස්හි කළමනාකාරිත්වයට සහ මෙම වැදගත් උත්සාහය සඳහා මාගේ සුබ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.“
    මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, HCL නිර්මාතෘ ශිව් නාඩාර්, එච්.සී.එල්. සභාපති හා විධායක නිලධාරී විජයි කුමාර් යන මහත්වරු හා ලොව පුරා විසිරී සිටින HCL ටෙක්නොලොජීස්හි විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.