September, 17, 2019
Institute for Economics and Peace විසින් සම්පාදනය කරනු ලබන ගෝලීය සාම දර්ශකයේ (Global Peace Index) 2019 වසරේ දී ශ්‍රී ලංකාව 72 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙය 2018 වසරේ ශ්‍රී ලංකාව සිටි 67 වැනි ස්ථානයේ සිට පියවර 5ක පසුබැසීමකි.
ලොව පුරා රටවල් 163ක් ඇසුරෙන් පිළියෙල කරනු ලබන ගෝලීය සාම දර්ශකය සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සංරචක 23ක් යොදා ගැනේ. එහිදී සමාජ සුරක්ෂිතතාව හා ආරක්ෂාව, පවත්නා දේශීය හා ජාත්‍යන්තර ගැටුම්වල ස්වභාවය හා මිලිටරිකරණයේ ප්‍රමාණය යනාදී ප්‍රධාන තේමා තුන යටතේ අදාළ සංරචක සකස් කෙරෙනු ඇත.
ගෝලීය සාම දර්ශකයේ 2019 වසරට අනුව අයිස්ලන්තය, පළමු ස්ථානය යළිත් වරක් තහවුරු කිරීමට සමත් වී තිබේ. මෙහි සෙසු මුල් ස්ථානවල පිළිවෙලින් නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව හා ඩෙන්මාර්කය පසුවේ.
මෙම දර්ශකයට අනුව පහළම ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත් වී ඇති අතර දකුණු සුඩානය, යේමනය හා ඉරාකය අවසාන ස්ථානවල රැඳී සිටින සෙසු රටවල් වේ.
Video Story