May, 30, 2023
රේගු කටයුතුවලට අදාළ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සහ දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.
ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story