ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර වීසා නිදහස්කරණයට ගිවිසුමක්

    August, 25, 2016

    ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි/නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.