ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා ගිවිසුමක්

    May, 17, 2017

    වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ගිවිසුමක් ක්‍රියාත්මක නොවන බැවින් රජය විසින් මෙම පියවර ගනු ලැබ ඇත.