ශ්‍රී ලංකා ආර්ථිකය අහිතකර කම්පනවල තවදුරටත් ගොදුරක් – IMF කියයි

    May, 17, 2019

    මෙරට ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල ගොදුරක් බවට පත්ව ඇති බවත්, කෙසේ වෙතත් 2019 වසර තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද පස්වන සමාලෝචනය පිළිබඳ මාණ්ඩලික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    ‍ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය, විශාල වශයෙන් ප්‍රතිමූල්‍යයනය අවශ්‍ය වීම සහ පහළ මට්ටමක පවතින සංචිත හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල ගොදුරක් බවට පත්ව ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් කියා සිටී.

    පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කෙරෙන බලපෑම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති අතර, කෙසේ වෙතත් 3.5% ක් ලෙස පුරෝකථනය කර ඇති 2019 වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් වෙනසක් සිදුනොකරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටී.