ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2025 සාමාන්‍ය රක්ෂණ සමුළුවේදී තම සේවකයින්ගේ සේවා විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරයි

    July, 15, 2026

    ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී 'Together We Rise' යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයින්ගේ ජයග්‍රහණ මෙම සමුළුවෙදී සුවිශේෂී ඇගයීමට ලක් කෙරිණි. මේ හරහා විශිෂ්ටත්වය අගය කරමින්, නව අදහස් දිරිගන්වමින් සහ තිරසර වර්ධනයක් කරා යාම සඳහා SLIC General විසින් දක්වන කැපවීම නැවත වරක් මනාව පිළිඹිබු විය.

    පසුගිය ජූනි මස 12 සහ 13 යන දෙදින පුරා පැවැත්වුණු මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නිලධාරීන්, කළමනාකරුවන් සහ ආයතන නියෝජනය කරමින් ජයග්‍රාහකයින් විශාල පිරිසක් සහභාගී විය. සමාගමේ ජයග්‍රහණ සහ දියුණුව සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම සමුළුව ඇගයීම්, වෘත්තීය සංවර්ධනය සහ සාමූහිකත්වය වර්ධනය කිරීම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කර දෙනු ලැබීය. එමෙන්ම, සේවකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට සහ ඒ සඳහා ප්‍රමුඛතාවය සලසා දෙන ආයතනික සංස්කෘතියක් ගොඩනගමින්, SLIC General සතු අරමුණ තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙය අවස්ථාවක් විය.

    මෙම සමුළුව, අලෙවි අංශය යටතේ පැවති තරඟයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරමින් ආරම්භ වූ අතර, එහිදී සමාගමේ ආදායම් ඉලක්ක පසුකර යමින්, ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්තව සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය වර්ධනය කිරීම වෙනුවෙන් අලෙවි නිලධාරීන් දැක්වූ සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළේය.

    සේවකයින්ගේ සෞඛ්‍යය යහපැවැත්ම වෙනුවෙන් ආයතනය දක්වන ප්‍රමුඛතාවය පෙන්නුම් කරමින්, කායික හා මානසික සුවතාවය කළමනාකරණය සහ සමබර ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ විශේෂ වැඩසටහනක්ද මෙම සමුළුවට සමගාමීව පැවැත්විණි. කායික හා මානසික යහපැවැත්ම ඇති කිරීම, සේවා ස්ථානයේ ඵලදායීතාවය වර්ධනය කිරීම සහ සමස්ත ජීවන තත්ත්වය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමවේද රැසක් පිළිබඳව මෙම වැඩසටහන හරහා සේවකයින් වෙත ඉදිරිපත් කළේය.

    සමුළුවේ දේශන ඇතුළත් සැසි වලට අමතරව සේවකයින් හට විනෝදජනක ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් සාමූහිකත්වය වැඩිදියුණු කරනු ලබන ක්‍රීඩා ද ඇතුළත් වීම විශේෂත්වයක් විය. ඒ හරහා ඔවුන්ට, විවේකීව අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගනිමින්, සේවා ස්ථානයෙන් ඔබ්බට ගිය මිත්‍රත්වයන් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමි විය.

    සමුළුවේ සියලුම දෙනා මහත් උනන්දුවකින් බලා සිටි සුවිශේෂීම අවස්ථාව වූ තේමා රාත්‍රිය (Theme Night), එම සැමරුම් උත්සවයට නව ජීවයක් එක් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කලාකරුවන් සහ විශේෂ ආරාධිත ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ වින්දනය පිරී ගිය ප්‍රාසංගික රාත්‍රියක් සමඟින් මෙම සමුළුව නිමාවට පත්විය.

    SLIC General හි 3,000කට අධික සේවක පිරිසක් සහිත අලෙවි කණ්ඩායම් අතරින්, ඉහළම සේවාවක් ලබා දෙමින්, සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරනු ලැබූ විශිෂ්ටතම රක්ෂණ උපදේශකවරුන් 200 දෙනෙකු මෙම සමුළුවේදී ඇගයීමට ලක් කළේය. එමෙන්ම, නිවැරදි මඟපෙන්වීම් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වෙනුවෙන් ශාඛා සහ ප්‍රාදේශීය කළමනාකරුවන්, සමාගමේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් ප්‍රධාන කාර්යාලයේ සහ විවිධ අංශවල ඉහළම දක්ෂතා දැක්වූ නිලධාරීන්ද මෙහිදී ගෞරව ඇගයීමට ලක් විය.

    මෙහිදී FBD හා FBD නොවන අංශවල අලෙවි විධායක නිලධාරීන්ගේ දක්ෂතා, පාරිභෝගික සබඳතා මෙන්ම ව්‍යාපාර වර්ධනය සහ අදාළ අංශයේ දියුණුව වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමට ලක් කෙරිණි.

    2025 රක්ෂණ සමුළුව තුළින්, සමාගම අත්කර ගනු ලැබූ ජයග්‍රහණ ඇගයීමටත්, අනාගත ප්‍රගතිය සඳහා අවශ්‍ය දිරිගැන්වීම පිළිබඳව ද අවධාරණය කෙරිණි. එමෙන්ම ප්‍රජාවන් සවිබල ගන්වමින් සහ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස SLIC General ඉටුකරන භූමිකාව ද ඒ හරහා මනාව විදහා දැක්විණි.

    මෙහිදී SLIC General හි කළමනාකාරීත්වය විසින් 'Together We Rise' යන තේමාව පිළිබඳව අවධාරණය කරමින්, සමාගමේ සාමූහික ශක්තිය, අභියෝග සඳහා මුහුණ දීමේ හැකියාව සහ අනාගත දැක්ම සේවකයින් වෙත ඉස්මතු කළේය. සිය සේවා විශිෂ්ටයින් ඇගයීමට ලක් කරමින් සහ ඔවුන්ගේ දියුණුව සඳහා ආයෝජනයන් කරමින්, රක්ෂණ ක්ෂේත්‍රය තුළ සමාගමේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉහළ උනන්දුවක් දක්වන සහ බලගැන්වීමක් සහිත අලෙවි බලකායක් නිර්මාණය කිරීමට SLIC General ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරනු ඇත .

    Video Story

    Stock Market

    Exchange Rates