ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 2025 වාර්ෂික සම්මාන උළෙලේදී ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ යන තේමාව යටතේ සිය අලෙවි විශිෂ්ටත්වය මැනවින් විදහා දක්වයි

    August, 25, 2026

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන් හට ඇගයීම් සම්මාන ප්‍රධානය කළේය. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු මස 20 වැනිදා වර්ණවත් අයුරින් පැවැත්විණි.

    දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ වෘත්තිකයන් මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ ජයග්‍රහණ, අඛණ්ඩ විශිෂ්ටත්වය සහ කැපවීම විශේෂ ඇගයීමකට ලක් විය. පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින්, වසරක් පුරා දැක්වූ ශක්තිමත් කාර්යසාධනය සහ කැපවීම වෙනුවෙන් අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් මෙහිදී ඇගයීමට ලක් වූ අතර, එම සාමූහික ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස SLIC General තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු ලබයි.

    මෙවර සම්මාන උළෙල සඳහා 700කට අධික ආරාධිත පිරිසක් සහභාගී වූ අතර, එය මෙතෙක් පැවති සම්මාන උත්සව අතරින් වාර්තාගත ඉහළම සහභාගීත්වයක් සහිත විය. එමෙන්ම, මෙවර සම්මාන උළෙලේදී පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ජයග්‍රාහකයන් පිරිසක් ඇගයීමට ලක් වීම විශේෂත්වයක් වූ අතර, සමාගමේ සෑම මට්ටමකම විශිෂ්ටත්වය පෙන්නුම් කෙරෙන පරිදි විවිධ සම්මාන කාණ්ඩ යටතේ මෙම ජයග්‍රහණ ඇගයීමට ලක් විය.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් වූ අතර, SLIC General හි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ඔවුන් ජයග්‍රාහකයන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සඳහා දිරිගැන්වීම් කරනු ලැබීය.

    මෙවර සම්මාන උළෙලේදී රක්ෂණ උපදේශකවරුන්, අලෙවි විධායක නිලධාරීන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්, විවිධ කාණ්ඩ යටතේ දැක්වූ සුවිශේෂී දක්ෂතාවයන් හා ජයග්‍රහණ වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

    විශිෂ්ට පුද්ගල කාර්යසාධන කුසලතා ඇගයීමට අමතරව, 2025 වාර්ෂික සම්මාන උළෙලේදී පුළුල් අලෙවි කණ්ඩායමක් ලෙස එක්ව දැක්වූ සාමූහික කැපවීම හා දායකත්වයද විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් ලබා දුන් සාමූහික මෙහෙවර සුවිශේෂී දායකත්වයක් ලෙස සලකනු ලබයි.

    මෙම සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් SLIC General හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.''මෙවර වාර්ෂික සම්මාන උළෙල සඳහා සහභාගී වූ විශාල පිරිස වගේම විවිධ කාණ්ඩ යටතේ ලබා ගත් ඇගයීම් සම්මාන තුළින් අපගේ කාර්ය මණ්ඩලයේ ශක්තිය සහ ව්‍යාපාරයේ ස්ථාවරත්වය මනාව පිළිබිඹු වෙනවා. විවිධ කාණ්ඩ යටතේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරමින්, දක්ෂතා වර්ධනය කිරීම, කාර්යසාධනය ඉහළ නැංවීම සහ SLIC General හි සාමූහික ජයග්‍රහණ සැමරීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් තහවුරු කෙරෙනවා.‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ යන තේමාව යටතේ ලැබූ මෙම ජයග්‍රහණ, එකමුතුකම සහ පොදු අරමුණ මත පදනම් වූ සාමූහික උත්සාහය, කර්මාන්තය තුළ අපගේ නායකත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීමට බලපාන ආකාරය මනාව පෙන්නුම් කරනවා.''

    සහයෝගීතාව, උසස් සේවා ගුණාත්මකභාවය සහ පාරිභෝගික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීම මත පදනම් වූ ශක්තිමත් සේවා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා SLIC General දක්වන අඛණ්ඩ කැපවීම මෙම සම්මාන උළෙල තුළින් නැත වරක් මැනවින් විදහා දැක්විණි.

    Video Story

    Stock Market

    Exchange Rates