ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් නව ජිවන රටාවට හුරු වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රට පුරා

    March, 18, 2021

    දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ජිවන රටාව තුල කොවිඩ් 19 වලක්වාගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබේ.

    මෙහි පළමු අදියර 2021 මාර්තු 6  දින අනුරාධපුර නගරයේදී පැවැත්වුණු අතර  ඉදිරියේදී දිවයින පුරා අදියර 15කින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.සී.ඩී  ආරියරත්න මහතා, අනුරාධපුර නගර සභාවේ නගරාධිපති  එච්.පී සෝමදාස මහතා , අනුරාධපුර පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි මහතා , අනුරාධපුර වාණිජ මණ්ඩලයේ සභාපති මහින්ද ජයසේන මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගී වුහ.

    මෙම දැනුවත්කිරීමේ වැඩසටහන අනුරාධපුර ප්‍රදේශයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල ප්‍රමුඛ නිළධාරීන් පිරිසක් සමග මෙහෙයවීමෙන් සිදුකල සාකච්චා වට කිහිපයකින් සමන්විත වූ අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමින් දෛනික ජිවිතයේ වැඩ කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදී.