ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 152 වන ශාඛාව රුවන්වැල්ලේදී විවෘත වේ

    October, 30, 2018

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව 2018 ඔක්තෝබර් 15 වන දින රුවන්වැල්ල නගරයේ විවෘත්ත කරන ලදී. නව රුවන්වැල්ල ශාඛාව අංක 197, අවිස්සාවේල්ල පාර, රුවන්වැල්ල  යන ලිපිනයේ පිහිටා ඇති අතර එය දිවයින පුරා විහිදුනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලයේ 152 වන ශාඛාවයි.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අළුත්ගම මහතා, ප්‍රධාන  නිළධාරී ව්‍යාපාර සංවර්ධන රුක්මන් වීරරත්න මහතා, ප්‍රධාන  නිළධාරී තොරතුරු ආලෝක ජයවර්ධන මහතා  ඇතුළු ඉහළ කළමනාකාරිත්වය මේ අවස්ථාවට සහභාගී වුහ.

    1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය   රක්ෂණ ආයතනයි. මේ වන විට රුපියල් බිලියන 193 කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 100 කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයි. එමෙන්ම මෙරට ප්රමුඛතම මුල්‍ය රක්ෂණ සමාගම වන  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ෆිට්ච් AA+(lka) ශ්‍රේණිගත කිරීමට  හිමිකම් කියන එකම දේශීය රක්ෂණ ආයතනයි.