April, 18, 2023
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 08 24 දින අත්සන් තබා ඇති අතර එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016-12-06 දින බහාමාස් හි, නාසායුහිදී පැවති සිවිල් ගුවන්සේවා සාකච්ඡා සම්මන්ත්‍රණයේදී දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව, ඒ සඳහා වන සන්ධාන පත්‍රයට (Protocol) අත්සන් තැබීම පිණිස 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී ඇති නමුත් මෙතෙක් අත්සන් තබා නොමැත. අදාළ කෙටුම්පත් සන්ධාන පත්‍රය සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ.
Video Story