ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ එක්ව ක්‍රියාත්මක කරන NEXT CHAMP වැඩසටහනේ දෙවැනි අදියර දියත් කෙරේ

    August, 21, 2023

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ පළමු අදියර තුළ ජාතික මට්ටමින් දක්ෂතා දැන්වූ ක්‍රීකඩ ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන් වෙත අඛණ්ඩව ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙමගින් සිදු කෙරිණ.

    “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියර තුළ තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13දෙනෙකු වෙත ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමන ලදි. NEXT CHAMP වැඩසටහන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම, ඔවුන්ගේ දෙස් විදෙස් පුහුණු වැඩසටහන් සැසිවාරයන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඇතුළුව මූල්‍ය අනග්‍රාහකත්වය ක්‍රිස්බ්‍රෝ විසින් ලබා දෙනු ඇත.

    “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියර පසුගිය 17වන දින ඔලිම්පික් නිවහන ශ්‍රවණාගාරයේදී පැවති අතර ක්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවත්වින.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් “ පළමු අදියර තුළ අප අත්විඳි පරිදි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත හැකි එහෙත් අනුග්‍රාහකත්වයක් හෝ අතහිත දීමට කිසිවකුත් නැති යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් දිවයින පුරාම විසිර සිටිනවා. මේ තත්වය අවබෝධ කර ගත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව 100%ක් ශ්‍රී ලංකීය සමාගමක් වූ ක්‍රිස්බ්‍රෝ සමග එකවෙමින් ජාත්‍යන්තර තලය ජය ගත හැකි අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගනිමින් “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දියත් කළා. මේ ආකාරයටම තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13දෙනෙකු“NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියර සඳහා තෝරා ගනිමින් ඔවුන් ජාත්‍යන්තර ජයග්‍රහන වෙත ගෙන යෑමේ වැඩපිළිවෙල අප අද දින සිට ආරම්භ කරනවා. දිවයින පුරා විසින සිටින අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීම සඳහා නායකත්වය ලබා දුන් ක්‍රිස්බ්‍රෝ සමාගම මෙම වැඩසටහන පළමු අදියර තුළ පෙන්නුම් කළ විශිෂඨ කාර්යසාධනය නිසාම “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියර සඳහාත් සිය දැඩි කැපවීම සහ අනුග්‍රාහකත්වය අප වෙත ලබා දෙන අතරම ඒ සඳහා අපගේ කෘතඥතාව පළ කරන්න කැමතියි”

    “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියරේ සමාරම්භක අවසථාවට එක්වෙමින් අදහස් දැක්වූ ක්‍රිස්බ්‍රෝ සමාගමේ සමූහ අලෙවි කළමණාකාර අමෝරෙස් සෙලර් මහතා ““NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” පළමු අදියර අතිශය සාර්ථක කර ගනිමින් මෙම වැඩසටහන තුළින් ඵල නෙලා ගත් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස් ජයග්‍රහන ගණනාවක් පසුගිය කාලයේදී අත් කර දීම පිළිබඳව අපට තිබෙන්නේ නිහතමානී සතුටක්. හුදෙක්ම වෙළෙඳ ප්‍රචාරණ වැඩපිළිවෙලකට ඔබ්බට ගොස් සැබවින්ම ශ්‍රී ලංකාවේ අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගනිමින් ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP ක්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහනට හැකිව තිබෙන බව වර්තමානයේදී සනාථව ඇති බැවින් මෙහි දෙවැනි අදියර අද දින යථාර්ථයක් බවට පත් කිරීමට උපකාර කළ සියලු දෙනාට මාගේ ප්‍රණාම පුද කරන අතරම NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” පළමු අදියර ඇරඹීමෙන් අනතුරුව දේශීය සමාගම් කිහිපයක් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතහිත දීමට මීට සමාන වැඩසටහන් ඇරඹීම තුළ අප විසින් දියත් කළ වැඩපිළිවෙලෙහි සමාජ වටිනාකම මැනවින් පිළිබිඹු කරනවා. පළමු අදියරේ සිට ඉදිරි පියවරයන් දක්වා අප සමග සහයෝයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළුව මෙම වැඩපිළිවෙළට උරදුන් සියලු පාර්ෂවයන්ට මගේ අවංක ප්‍රණාමය පුද කරනවා” යනුවෙන් පැවසීය.

    ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා කටයුතු පිළිබඳ ප‍්‍රමුඛතම සංගමය ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර තරග සම්බන්ධීකරණයේදී මෙරට බලයලත් නියාමන ආයතනය ලෙස කටයුතු කරයි. එමෙන්ම මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීම සඳහා අවශ්‍ය කාර්යසාධන මට්ටම් වෙත ඔවුන් රැගෙන යෑම ද ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරනු ලබයි.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated&  තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.