October, 20, 2020
ශ්‍රී ලංකා ගුවන් තොරතුරු කලාපය (Colombo Flight Information Region) ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය මෙන් 25 ගුණයක් පමණ වන අතර, එම ගුවන් තොරතුරු කලාපය තුළ ගුණාත්මක ගුවන් සංතරණ සේවා සැපයීමේ වගකීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත පැවරී ඇත. ඒ අනුව, ඉදිරියේදී ආසියා පැසිෆික් කලාපයේ අපේක්ෂිත ධාරිතා ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය වන සේවාවන් මෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් ගමන් සේවා, ක්‍රියාපටිපාටි හා ඒ හා බැඳුණු යටිතල පහසුකම් පවත්වා ගෙන යාම ද ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතුව ඇත.
එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් තොරතුරු කලාපය තුළ දැනට පවත්නා ගුවන් මාර්ග ව්‍යුහය කඩිනමින් නැවත සකස් කළ යුතු අතර එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ "බාධා රහිත ගුවන් සංතරණ සේවා සංකල්පය"ට අනුගත වන අයුරින් සකස් කළ යුතු වේ.
ඒ අනුව, ගුවන් ගමන් කළමනාකරණ ධාරිතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ගුවන් තොරතුරු කලාපය පිළිබඳව අධ්‍යයනය කර පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීමටත්, එකී අධ්‍යයනය සඳහා ඒකාබද්ධ විශේෂඥ උපදේශක සේවාවක සේවය ලබා ගැනීම සඳහාත් සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඡායාරූපය - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
Video Story