ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් දිවයින පුරා පොදු Wi-Fi ජාල රැසක්

    October, 26, 2020

    SLT (ශ්‍රී ලංකා ටෙලිකොම්) නැවත වරක් සිය අසමසම පාරිභෝගික සේවා මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, තම පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් හට එදිනෙදා දිවියේ යන එන සෑම තැනකදීම පහසුවෙන් අධිවේගී අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලබාදෙන පොදු Wi-Fi ජාලයක් නිර්මාණය කරමින් ”sltgo” වයිෆයි සේවාව හඳුන්වා දෙයි. දශකයකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර කීර්තියට පත් අන්තර්ජාල සේවා සැපයුම් සමාගමක් වන Fon Wireless Limited සමාගම විසින් ලොව පුරා රටවල් 25 ක නිර්මාණය කරන ලද මිලියන 23ක් වූ Wi-Fi hotspot සබඳතා ජාලය හා සමගාමීව ශ්‍රී ලංකාවේදී SLT සහයෝගීතාවයෙන් sltgo පොදු උස-ත්‍ස ජාලය ක්‍රියාත්මක වේ. එබැවින් ”sltgo” සේවාව සමග SLT පාරිභෝගිකයන්ට මෙන්ම අනෙකුත් අන්තර්ජාල පරිශීලකයන් හට ශ්‍රී ලංකාවේදී මෙන්ම විදේශයන්හීදීද Wi-Fi පහසුකම් ලබාගත හැකිය.

    වත්මන් SLT බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල පහසුකම් ලබාගත් පාරිභෝගිකයන් සඳහා ඔවුන්ගේ නිවසේ බ්‍රෝඞ්බන්ඞ් පැකේජයට අදාල දත්ත ප‍්‍රමාණය  “sltgo”  හරහා ලබාගත හැකිය. නිවසෙන් බැහැරව යන සෑමවිටකදීම ළඟම ඇති Wi-Fi hotspot සමග ස්වයංක‍්‍රීයව එසැණින් සම්බන්ධ වෙමින්  “sltgo”  ඔබට නොනවතින අන්තර්ජාල අත්දැකීමක් ලබාදෙයි.

    SLT පාරිභෝගිකයන්හට ඔවුන්ගේ බ්‍රෝඞ්බෑන්ඞ් සබඳතාවයට අදාල user name හා password භාවිතා කොට  “sltgo”  සමග සම්බන්ධවිය හැකි අතර අනෙකුත් සියළුම පාරිභෝගිකයන්ට පෙරගෙවුම් සබඳතාවයක් ලෙස Wi-Fi පහසුකම ලබාගත හැකිය.

    “sltgo”  විසින් ඔබේ නිවසේ බ්‍රෝඞ්බෑන්ඞ් ජාලයෙන් පරිබාහිරව අමතර Wi-Fi hotspot ජාලයක් ගොඩනංවනු ලබයි. වෙනදා ඔබේ අමුත්තන් ඔබේ දත්ත ප‍්‍රමාණයම භාවිතා කළ නිසා ඔබේ පෞද්ගලික ඬේටා ප‍්‍රමාණය වැයවීම සිදුවුවද දැන් ඔබේ අමුත්තන්ට සහ අනෙකුත් “sltgo” පරිශීලකයන්හට “sltgo” සබඳතාවයෙන් අන්තර්ජාල පහසුකම් සලසන්නේ ඔබේ පෞද්ගලික අන්තර්ජාල සබඳතාව කිසිදු බාධාවකින් තොරව සුපුරුදු පරිදි නොවෙනස්ව භාවිත කිරීමේ නිදහස සලසා දෙමිනි. එහිදී ඔබේ ඬේටා පැකේජයෙන් කිසිදු ඬේටා ප‍්‍රමාණයක් වැය නොවන අතර “sltgo” හෝ Fon public signal සඳහා වන Wi-Fi signal වෙනම සබඳතාවයක් ලෙස ක‍්‍රියාත්මක වන නිසා ඔබේ ඬේටා සහ පෞද්ගලික තොරතුරුද සම්පූර්ණයෙන්ම සුරක්ෂිතය.

    වත්මන් SLT පාරිභෝගිකයන් හට 1212 පාරිභෝගික සේවා සහය ඇමතුම් අංකයෙන් “sltgo” සේවාව ක‍්‍රියාත්මක කරගත හැකිය. නව SLT සබඳතාවක් මිලදී ගැනීමේදී මෙම පහසුකම ඒ සමග නොමිලේ සක‍්‍රීය වේ.

    sltgo mobile app ඩවුන්ලෝඞ් කරගැනීමෙන් හෝ sltgo web portal හරහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පොදු Wi-Fi ජාල වෙත ඔබට පිවිසිය හැකිය.  “sltgo” සමග විදේශයකදී වුවද පොදු Wi-Fi ජාලයක් වෙත සම්බන්ධවීමේ හැකියාව ඇති අතර දුරකතනයේ Wi-Fi settings යටතේ Fon network තෝරාගැනීමෙන්ද එය සිදුකළ හැකිය. sltgo mobile app භාවිතයේදී broadband ID හා password භාවිතයෙන් ස්වයංක‍්‍රීයව පොදු Wi-Fi ජාල වෙත පිවිසෙන අතර ආසන්නතම Wi-Fi hotspot හා සම්බන්ධ කෙරේ. “sltgo”  පළමු වරට ක‍්‍රියාත්මක වීමේදී යම්හෙයකින් ස්වයංක‍්‍රීයව සම්බන්ධ නොවුනහොත් Wi-Fi settings හරහා එය ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව ඊළඟ මොහොතේ සිට ස්වයංක‍්‍රීයව ක‍්‍රියා කරයි. sltgo mobile app තුළ ඇති Find Hotspot Map හරහා Wi-Fi hotspot ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

    SLT ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා sltgo සේවාව පිළිබඳ අදහස් දක්වමින් ”ජාතික දුරකතන සේවා සැපයුම්කරුවා විදිහට SLT අපට Fon Wireless Limited වැනි දැවැන්ත ජාත්‍යන්තර සමාගමක් සමග එක්ව මේ ආකාරයෙන් අපේ රටේ පොදු Wi-Fi ජාල ස්ථාපිත කරන්නට ලැබීම අපට මහත් ගෞරවයක්. එදිනෙදා ජීවිතයට අන්තර්ජාල පහසුකමක ඇති වැදගත්කම අප හොඳින් වටහාගෙන සිටිනවා. යන එන ගමන්බිමන් අතරතුරදී හෝ විදේශයකදී ඒ අවශ්‍යතාව දැඩිව දැනෙනවා. sltgo සමග අපිට එම ගැටළුවලට විසඳුමක් ලබාදෙන්න සහය වීම පිළිබඳ Fon Wireless Limited සමාගමට අප ස්තූතිවන්ත වනවා.” යැයි පැවසීය.