ශ්‍රී ලංකා – බංග්ලාදේශ නිදහස් වෙළෙඳ ගිවිසුමක්

    February, 14, 2017

    දෙරට පවතින ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබන බව බංග්ලාදේශ වාණිජ අමාත්‍ය ටොෆේල් අහ්මඩ් ප්‍රකාශ කර සිටී. පසුගිය ඉරිදා (12) ඩකා නුවර දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිනි යසෝජා ගුණසේකර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාණිජ අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

    පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී ඩොලර් මිලියන 30.45 ක භාණ්ඩ බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන එයින් ඩොලර් මිලියන 13.38 ක්ම වැය වී ඇත්තේ ඖෂධ නිෂ්පාදත ආනයනය වෙනුවෙනි. මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 45 ක භාණ්ඩ ගෙවී ගිය වසර තුළ දී ශ්‍රී ලංකාවෙන් බංල්ගාදේශයට අපනයනය කර තිබේ.