ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය හඳුන්වා දෙනු ලබයි

    May, 14, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වන දින මහ බැංකුවේ ‌ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය යනු පාරිසරික වශවයන් තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාව සඳහා වන තිරසාර මූලය පෙර දැක්මෙහි (Roadmap for Sustainable Finance in Sri Lanka) දක්වා ඇති ප්‍රධාන අංගයකි. මෙම ජාත්‍යන්තර මනා පරිචයන්ට මෙන් , දේශීය තත්ත්වයන්ට අනුකූලව සකස් කර ඇති බැවින් මූල්‍ය ‌වෙළඳපොළ ක්‍රියාකාරීන්ට ‌දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ හරහා හරිත කටයුතු සඳහා අඩු පිරිවැය සහිත අරමුදල් රැස්කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය, විවිධ මූල්‍ය උපකරණ (බැංකු ණය, ණය උපකරණ, කළඹ කළමනාකරණය සහ ආයෝජන අරමුදල් වැනි) පිරිනමන සියලුම ‌දේශී සහ විදේශීය වෙළඳපොළ ක්‍රියාකාරීන්ට, විශාල සමාගම් වලට මෙන් ම ජාතික සහ පළාත් පාලන ආයතන සඳහා අදාල වේ. එය කර්මානත පිළිබඳ සැලසුම් සකසන බලධාරීන්ට පරිලකයක් ලෙස භාවිතා කළ හැකි , වනාන්තර සහ දැව , කෘෂිකර්මාන්තය, නිෂ්පාදන, විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණ සහ බෙදා, ගෑස්, වාෂ්ප සහ වායු සමීකරණ, ජල සැපයුම, මලාපවහන සහ අපද්‍රව්‍ය කළමණාකරණය, ඉදිකිරීම්, ප්‍රවාහනය සහ ගබඩා කිරීම, මූල්‍ය සේවා සහ සංචාරක සහ විනෝදාස්වාදය වැනි ආර්ථික ක්‍රියාකාරකම් පරාසයක් ආවරණය වන හරිත කර්මාන්ත සඳහා සහය වීමට පළාත් පාලන ආයතන සඳහා පදනමක් ලෙස ද යොදා ගත හැක.

    ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවේ (International Finance Corporation - IFC) තාක්ෂණික සහ මුල්‍ය සහය ඇතිව සකස්කරන ලද ලද අතර මෙම ක්‍රියාවලිය සඳහා තිරසාර බැංකු හා මූල්‍ය ජාලය (Sustainable Banking and Finance Network - SBFN) සහ ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවේ හරිත බැඳුම්කර තාක්ෂණික සහය වැඩසටහන (IFC Green Bond Technical Assistance Program) පහසුකම් සපයන ලදී. ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥ මණ්ඩලයක්, දේශීය විශේෂඥයින් වන මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මධුරිකා නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වර්ගීකරණය සකස්කරන ලදී. වර්ගීකරණය කෙටුම්පත් කිරීම සඳහා විවිධ රාජයේ අමාත්‍යාංශ , මූල්‍ය ආයතන, මූල්‍ය අංශයේ සංගම්, අනෙකුත් මූල්‍ය අංශ නියාමකයින් සහ මූල්‍ය සෛ්වා සපයන ආයතන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන ක්‍රියාවලියක නිරත්‍ විය.

    ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය දියත් කිරීමේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකාරීනී ලීසා කීස්ට්නර් (Lisa Kaestner) මහත්මිය සහ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතනවල ජේෂ්ඨ නිලධාරීන්, ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයන්, ජාත්‍යන්තර ආයතන වල සහ හවුල්කාර ආයතනවල නියෝජිතයන්, මූලය ආයතනවල නියෝජිතයන් සහ මහ බැංකුවේ නිලධාරීන් සහභාගී  විය. උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, රට මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සහ කොවිඩ් - 19 වසංගතයෙන් පසු රට යථා තත්ත්වයට පත්වීම යන සන්දර්භය තුඝ රටේ මූල්‍ය පද්ධතියට තිරසාරභාවය ඒකාබද්ධ කිරීම සඳහා පරිපූර්ණ උපාය මාර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය මූල්‍ය ආයතන, ආයෝජකයන්, සමාගම් සහ හරිත බැඳුම්කර නිකුත් කරන්නන්ට අඩු කාබන් විමෝචනයක් සහිත, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සහ සම්පත් කාර්යක්ෂම ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමට මග පෙන්වන තීරණාත්මක මෙවලමක් වනු ඇති බව ද අධිපතිවරයා අවධාරණය කළේය.

    ප්‍රධාන දේශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා හරිත්‍ මූල්‍ය වර්ගීකරණය පිළිබඳව හැඳින්වීමක් සැපයීම සඳහා සැසියක් සහ 'හරිත මූල්‍ය වර්ගීකරණය සමඟ ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය කටයුතු වේගවත් කිරීම' පිළිබඳ මාර්ගගත සංවාද සැසියක් පවත්වන ලදී. වර්ගීකරණය පිළිබඳ සැසිය සඳහා ජාත්‍යන්තර මූලය සංස්ථාවේ වෙයි යුවාන්, ආචාර්ය තුසිත සුගතපාල මෙන්ම මෙම වර්ගීකරණය සංවර්ධනය කිරීමට දායක වූ ජාත්‍යන්තර විශේෂඥයන් වන බොලු වැන්ග් සහ බ්‍රිජට් බුල් සහභාගී විය. තිරසර බැංකු හා මූල්‍ය ජාලයෙහි ගෝලීය සම්බන්ධිකාරක රොන්ග් සැන්ග් විසින් මෙහෙයවන ලද අතර, එහිදී හරිත මූල්‍ය අවස්ථා පුළුල් කිරීම සඳහා මෙම වර්ගීකරණය මූල්‍ය ආයතනවලට සහාය විය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු විය. චීන හරිත මූල්‍ය කමිටුවේ සභාපති සහ G20 තිරසාර මූල්‍ය අධ්‍යයන කණ්ඩායමේ සම සභාපති ආචාර්ය මා ජුන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ජේ්‍යෂ්ඨ කර්මාන්ත විශේෂඥ පුෂ්කලා ලක්ෂ්මි රතන්, Climate Bond Initiative හි ශෝන් කිඩ්නි සහ BNP Paribas තිරසාර ප්‍රාග්ධන වෙළඳපොළ APAC හි ප්‍රධානී චඔනි හුඇන්ග් මෙම සාකච්ඡාවට දායක වූහ.

    පහත්‍ සබැඳිය භාවිතයෙන් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණයට ප්‍රවේශ විය හැක:
    https://www.cbsl.gov.lk/sl-green-finance-taxonomy