August, 25, 2026
මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සහ විලාසිතා ඇඟළුම් සන්නාමයක් වන Carnage ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිල ඇඟලුම් සහකරු ලෙස නිල වශයෙන් එක් වී ඇත. ඒ අනුව, ඉදිරියේදී ජාතික රග්බි කණ්ඩායමේ නිල ඇඟළුම් සැපයුම්කරු ලෙස Carnage කටයුතු කරයි. විශිෂ්ට දක්ෂතාවයක් යනු නිතැතින්ම ලැබෙන දෙයක් නොව, මහන්සියෙන් සහ කැපවීමෙන්ම දිනාගත යුතු දෙයක් යන පොදු විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින සන්නාමයක් සහ ක්‍රීඩාවක් මේ හවුල්කාරිත්වය හරහා එකට එක් කරයි.
Carnage ට අනුව, රග්බි ක්‍රීඩාව යනු විශිෂ්ට ක්‍රීඩාවක තිබිය යුතු සියලුම ලක්ෂණ එනම් වේගය, ශක්තිය, විනය, සාමූහිකත්වය සහ දැඩි පීඩනයක් හමුවේ වුවද නොසැලී ඉදිරියටම යාමේ හැකියාව මනාව පෙන්නුම් කරන ක්‍රීඩාවකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Carnage නිර්මාතෘ ජොඑල් තිලකරත්න මහතා පැවසුවේ “අඛණ්ඩ ප්‍රගතියක් ලැබිය හැක්කේ ක්‍රියාශීලී බව, නිරන්තර කැපවීම සහ සෑම දිනකම 1% කින් හෝ තමන්ව වර්ධනය කර ගැනීමෙන් පමණක් බව Carnage අප සැමවිටම විශ්වාස කරනවා. රග්බි ක්‍රීඩාවෙන් මනාව පිළිඹිබු වන්නේ මෙම ආකල්පයයි. ඒ සඳහා කැපවීම, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ කණ්ඩායමක් ලෙස දක්ෂතා දැක්වීමට අවශ්‍යයි. අපගේ ජාතික රග්බි කණ්ඩායම පිටුපසින් සිටිමින් ඔවුන්ට ශක්තියක් වීමට Carnage සන්නාමයට අවස්ථාව ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම ආඩම්බර වනවා වගේම ඔවුන්ගේ මෙම ඉදිරි ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම අපට මහත් සතුටක්.” යනුවෙනි.
නිල ඇඟළුම් සහකරු ලෙස, Carnage ජාතික රග්බි කණ්ඩායම සඳහා අවශ්‍ය සියලුම නිල ඇඟළුම් ලබා දෙනු ඇති අතර මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ එම සන්නාමයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම හවුල්කාරිත්වය, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීම සඳහා Carnage සතු පුළුල් කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. Carnage Athletes Foundation හරහා, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට, ඔවුන්ව පුහුණු කිරීමට සහ ඔවුන්ට සහාය වීමට මෙම සන්නාමය ආයෝජනය කරනු ලබයි. ඔවුන්ගේ අරමුණ වන්නේ වැඩි පිරිසකට ජාත්‍යන්තර තලයට පිවිසීමට අත්වැලක් වීමයි. මීට අමතරව, Carnage මෑතකදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල ක්‍රීඩා ඇඟලුම් සහකරු ලෙස ද පත් විය.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව නව පරිච්ඡේදයක් කරා පියවර තබමින් සිටින මෙවන් වකවානුවක, මෙරට ප්‍රමුඛ දේශීය සන්නාමයක් ජාතික කණ්ඩායම සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීම සුවිශේෂී වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩා පිටියට පමණක් සීමා නොවන සුවිශේෂී කැපවීමක් අවශ්‍ය වෙනවා. මෙවැනි ඉහළ මට්ටමක දක්ෂතා දැක්වීමට අවශ්‍ය විනය සහ කැපවීම පිළිබඳව Carnage ආයතනයට මනා අවබෝධයක් තිබෙනවා. එම නිසා, අපගේ ජාතික කණ්ඩායමේ ඉදිරි ගමනට ඔවුන් ඉතා ශක්තිමත් සහකරුවෙකු වනු නිසැකයි. ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යයන්තරයට රැගෙන යන අපගේ ක්‍රීඩකයින්ට අවශ්‍ය නිල ඇඟලුම් සහ පහසුකම් සැලසීම අපගේ අරමුණයි.” යනුවෙනි.
පුහුණුවීම්වල සිට තරග බිම දක්වාම, ඉහළ දක්ෂතාවන් වෙනුවෙන් සිදුකරන කැපවීම් මෙන්ම, ශ්‍රී ලංකා නාමය අභිමානයෙන් යුතුව ක්‍රීඩා පිටියට රැගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට Carnage සන්නාමය සැමවිටම සූදානම්ව සිටියි.
මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම වෙනුවෙන් Carnage සන්නාමයේ කැපවීම තවදුරටත් තහවුරු කරන තවත් එක් වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.




Video Story