ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සංවිධානය කරන LB Big Wheels රථවාහන දැක්ම 2018 ඇරඹෙයි

    May, 18, 2018

    ලොව ප්‍රමුඛ  රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක්  සමඟ “LB Big Wheels රථවාහන දැක්ම  2018“ කොළඹ 7 නෙළුම් පොකුණ  පරිශ්‍රයේදී ඇරඹෙයි. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න  මහතා අතින් මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කෙරිණ. එල් බී ෆිනෑන්ස් හි කළමණාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතාස්ටර්ලින්ග් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ සභාපති සී මොල්ලිගොඩ, ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති රන්ජන් පීරිස් මහතා සහ එහි නිලධාරි මණ්ඩලය සහ සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උළෙල පැවැත්විණ. මෙම LB Big Wheels රථවාහන දැක්ම  2018  මැයි මස 18, සිට  20 යන දින දක්වා  උදේ 10 සිට රාත්‍රී 10 දක්වා  කොළඹ 7 නෙලුම්පොකුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය.

    ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් මුල් වරට සංවිධානය කරන LB Big Wheels රථවාහන දැක්ම  2018  සඳහා  උසස් තත්වයේ බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන්  රථ වාහන රැසක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම අවස්ථාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මෙරට වඩාත් විශ්වසනීය මූල්‍ය ආයතනයක් වන LB Financeආයතනයයි. මෙරට ප්‍රමුඛතම මූල්‍ය පහසුකම් සපයන සමාගමක් වන LB Financeආයතනය මෙම අවස්ථාව වෙනුවෙන්ම  සැකසූ සුවිශේෂී  මූල්‍ය පහසුකම් මෙම LB Big Wheels රථවාහන දැක්මේ දී ලබාදීමට නියමිතය.

    ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති රන්ජන් පීරිස් මහතා පෙන්වා දුන්නේ මෙම අවස්ථාව මෙරට ප්‍රමුඛතම වාහන ආනයනකරුවන්ගේ සංගමයට ඉතා සුවිශේෂි අවස්ථාවක් බවයි. මෙම අවස්ථාව සඳහා අනුග්‍රහය දක්වන  LB Financeආයතනය විසින්  මෙම රථවාහන දැක්මේදී  සුවිශේෂි මූල්‍ය පහසුකම් ක්‍රියාත්මක කරන නිසා සිය වාහන සිහිනය සැබෑ කර ගැනීමට මෙහිදී කදිම අවස්ථාවක් උදාවන බව සදහන් කළේය.  LB Big Wheels රථවාහන දැක්මට පැමිණ සිය වාහන සිහිනය සැබෑ කරගන්නා මෙන් ශ්‍රී ලංකා වාසී වාහන ලෝලීන්ට තමන් ඇරයුම් කරන බව ද රන්ජන් පීරිස් මහතා මෙහිදී කියා සිටියේය.

    කුඩා ප්‍රමාණයේ මෝටර් රථසුපිරි සෙඩාන් රථසියලුම ප්‍රමාණවල SUV රථ වලින් සමන්විත මෙම රථවාහන දැක්ම බලසම්පන්න ජීප් රථ සහ සුපර්කාර් රථ වලින්ද සමන්විත වෙයි. මෙම රථවාහන දැක්ම  ප්‍රදර්ශන කුටි 35 කින් පමණ සමන්විත වන අතර හයිබ්‍රිඩ් සහ විදුලි වාහන මෙන්ම බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් වාහන 200 කට අධික ප්‍රමාණයක් මේ යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. යුරෝපයජපානය,තායිලන්තයසහ ඕස්ට්‍රේලියාව යන රටවල නිෂ්පාදිත වාහන මෙලෙස මෙම රථවාහන දැක්ම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙරට රථවාහන ලෝලීන්ගේ විශ්වාසය දිනූ හොඳම තත්වයේ පැරණි රථවාහන රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

    “LB Big Wheels රථවාහන දැක්ම “ මෙරට පැවැත්වෙන අනිකුත් රථවාහන ප්‍රදර්ශන වලට වඩා හේතු දෙකක් නිසා වෙනස් වෙයි. ඉන් පළමුවැන්න ලොව රථවාහන නිපදවන ප්‍රමුඛ රටවල් විසින් සිය  වෙළඳපලට ගැලපෙන ආකාරයට නිපදවූ රථවාහන රැසක් මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කිරීමයි.  වාහන නිෂ්පාදකයින් විසින් තම රටවල භාවිතය සඳහා තත්වයෙන් හා තාක්ෂණයෙන්  උසස් ආරක්ෂාකාරී වාහන නිපදවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. ශ්‍රී ලංකා රථවාහන ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් රථවාහන ආනයනය කරනු ලබන්නේ එවන් රටවල භාවිත කළ රථවාහන වීම විශේෂත්වයකි.  දෙවන විශේෂත්වය නම් මෙම රථවාහන දැක්ම  සඳහා අනුග්‍රහය දක්වන LB Finance ආයතනය  රථවාහන පාරිභෝගිකයින් වෙත  සුවිශේෂී වරප්‍රසාද රැසක් යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම් සැපයීමයි. මෙහිදී පවතින ලීසිං අගයට වඩා විශේෂී වූ අගයකට ලීසිං පහසුකම් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

    මෙම “LB Big Wheels රථවාහන දැක්ම“ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රථවාහන අනායනකරුවන්ගේ සංගමයේ  සභාපති රන්ජන් පීරිස් මහතා සඳහන් කළේ  මීට වසර35 කට ඉහතදී පිහිටුවාගත් ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය  මෙරට රථවාහන ආනයනකරුවන්ගේ විශාලතම එකතුව වන බවයි.  සිය සංගමය ප්‍රථම වරටLB Finance හා   “LB Big Wheels රථවාහන දැක්ම “ සංවිධානය කරන බවත්  එය වෙනත් රථවාහන ප්‍රදර්ශන වලට වඩා වෙනස් ආකාරයෙන් පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ නිසා මෙම රථවාහන දැක්ම දැක්ම තුළදී පාරිභෝගිකයින්ට උසස් තත්වයේ බ්‍රෑන්ඩ් නිව් රථවාහන පිළිබඳව  විස්තර දැනගැනීමටද අවස්ථාව සලසා ඇති බව  ඒ මහතා සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා අනුග්‍රහය සපයන  LB Finance ආයතනය සිය සාමාජිකයින් සමඟ එක්වී පාරිභෝගිකයින්ට රථවාහන මිලදී ගැනීම සඳහා අවශ්‍ය සුවිශේෂි  ලීසිං පහසුකම් සලසා දීමට සූදානමින් සිටින බවත් ඒ යටතේ තම සිහින වාහනය අත්පත් කර ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවත් සදහන් කළේය.  මෙම රථවාහන දැක්ම තුළදී උසස් තත්වයේ රථවාහන රැසක්  සහනදායී මිලට මිලදී ගත හැකි බවත්ශ්‍රී ලංකාවේ රථවාහන වල ප්‍රමිතිය  සඳහා පිළිගැනෙන Euro-6  තත්ව සහතිකය යටතේ රථවාහන මිලදී ගැනීමට හැකිවන බවද සඳහන් කළේය.

    රථවාහන ආනයනකරුවන්ගේ මූලිකත්වයෙන් 1984 වසරේ පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය මෙරට රථවාහන ආනයන කරුවන්ගේ විශාලතම සමූහයයි. මෙම සංගමය සිය සාමජිකයින්ගේ සුභසාධනය,  වෙනුවෙන් සහ මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් කටයුතු කරන අතර මෙරට ප්‍රමුඛ රථවාහන ආනයනකරුවන් 132 දෙදෙනෙකු මෙහි සාමාජිකත්වය  දරති.