ශාන්ත පීතර විදු පියසේ සිසු ප‍්‍රතිභාවෙන් වර්ණවත් වූ රැය Na Tree රසින් රස ගැන්වෙයි

    October, 26, 2018

    මෙරට කීර්තිමත් පිරිමි පාසලක් වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ප‍්‍රාථමික අංශය විසින් සිය කලා කුසලතා එළිදැක්වීම සදහා ඉදිරිපත් කළ  "Beyond Imagination”  සැණකෙළිය සමග රස සහකරුවෙකු ලෙසින් අත්වැල් බැද ගැනීමට Na Tree කේටරින් සේවය සමත් විය.  
     
    දරුවන්ගේ බුද්ධි කලම්බන ක‍්‍රියාවලිය නව මානයකට රැගෙන යමින් ඔවුන් සතු නිර්මාණශීලීත්වය අවධි කළ මෙම වැඩසටහන පේ‍්‍රක්ශකාගාරයේ වෙසෙස් පැසසුමට ලක් විය.   
     
    ඉකුත් ඔක්තෝබර් 20 වන දින සවස පාසල් එළිමහන් භූමිය වර්ණවත් කළ මෙම සැණකෙළිය නැරඹීම සදහා 3000කට ආසන්න විසල් ජනකායක් සහභාගී වූහ. එහිදී එහිදී දේශීය රස ලොව අසම සම සලකුණක් සනිටුහන් කළ භ් ඔරුැ කේටරින් සේවය ආහාර ප‍්‍රදර්ශනාගාර 4ක්  පවත්වමින් සුවහසක් පේ‍්‍රක්ෂක කැල රසින් රස ගැන්වීමට සමත් විය.
     
    සිසුන්ගේ රංග ප‍්‍රතිභාවත් Na Tree රසයත් එක් වූ මෙම අපූරු සැණකෙළිය පිළිබද පාසලේ අධ්‍යක්ෂ විදුහල්පති ටෙ‍්‍රවර් මාර්ටින් පියතුමන් සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
     
    ”අධ්‍යාපනය ලැබීමේදී දරුවන්ට න්‍යායාත්මක දැනුම වගේම ක‍්‍රීඩා සහ කලා හැකියාවන් අවධි කරන ක‍්‍රියාකාරකම්වල යෙදීම ඉතා වැදගත්. උගන්වන දෙයක් කට පාඩමෙන් කියවීමට වඩා ස්වයං ශක්තියෙන් සිතා බලා බුද්ධිමත් තීරණ ගත හැකි පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියෙකු බිහි කළ හැක්කේ එවැනි සමබර අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණයි. දරුවන්ගේ කුසලතා හදුනාගෙන ඒවා එළිදැක්වීමට අපමණ වෙහෙසක් ගෙන කටයුතු කළ ප‍්‍රාථමික අංශ විදුහල්පති සහ උපාධියුරු සමිත් රංගන ප‍්‍රනාන්දු පියතුමා, ප‍්‍රාථමික අංශ මුල් ගුරුතුමිය ප‍්‍රියන්ති ඈන් පෙරේරා ගුරුතුමිය ප‍්‍රමුඛ ගුරු මණ්ඩලයට, දරුකැලට සහ ආදි සිසුන් ඇතුළුව මීට සහය වූ සැමට මගේ ප‍්‍රණාමය පුද කර සිටිනවා.”
     
    මෙම දැවැන්ත සැණකෙලිය සදහා රස සහකරු ලෙසින් සිය දායකත්වය ලබා දුන් Na Tree කේටරින් සේවයේ වත්මන් විධායක අධ්‍යක්ෂ විරාන් පෙරේරා මහතා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
     
    ”දරුවන්ගේ නිර්මාණශීලීත්වය අවධි කළ මෙවැනි වැඩසටහනක් පැවැත්වීම පිළිබද මා ශාන්ත පීතර විද්‍යාලයට හදවතින්ම සුභ පතනවා. වර්තමානයේ දරුවන් තාක්ෂණික මෙවලම්වලට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වෙලා ඔවුන් සතු පරිකල්පන ශක්තිය  ගිලිහී යන ආකාරය පැහැදිලිවම දකින්න ලැබෙනවා. එනිසා මෙවැනි වැඩසටහන් සිසු දිවියට අමිල වටිනාකමක් එක්කරනවා. එවන් වටිනා වැඩසටහනක රස සහකරු ලෙසින් දායකත්වය ලබා දීමට Na Tree ආයතනයට හැකි වීම ගැන ඉතා සතුටුයි.
     
    කාර්ය බහුලත්වය නිසාම දැන් දරුවන්ගෙන් පෝෂණය ද ගිලිහී ගිහින්. Na Tree  ආයතනය,  දරුවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන නිසා කුමන ආහාරයක් පිළියෙල කළත් පවිත‍්‍රතාව සහ පෝෂණය පිළිබද ඉතාම සැළකිලිමත් වනවා.”
     
    වසර 45ක රනින් සනිටුහන් ඉතිහාසයක් හිමි Na Tree කේටරින් සේවය මෙරට කලා, දේශපාලන, අධ්‍යාපන වැනි ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රමුඛ පෙලේ වැඩසටහන් සහ චරිත රැසක් රසින් රස ගැන්වීමට සමත්ව ඇත.  කෘතිම රසකාරකවලින් බැහැරව ආහාරවල ස්වභාවික රසය සහ ගුණාත්මක බව රැක ගනිමින් පිළියෙල කරන ප‍්‍රණීත භෝජනයන්වල සුවිශේෂත්වය නිසාම නා ටී‍්‍ර මෙරට පමණක් නොව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් අතරද ඉමහත් ජනප‍්‍රියත්වයක් දිනාගෙන ඇත. සමාජ සත්කාර සදහා නිරතුරු දායකත්වය ලබා දෙන Na Tree ආයතනය පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන්ම පිළියෙල කළ ආහාර පෙළක් තිළිණ කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කර ඇත.