ශිෂ්‍යත්ව 300ක් සමගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභ පැතුම් ශි‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වැඩසටහන මෙවරත්

    November, 25, 2018

    රක්ෂණයේ ප‍්‍රමුඛයා ලෙසින් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ කඩඉම් සාර්ථකව ජයගත් දුවා දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන්නට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන දියත්කර තිබේ.

    වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ 2018 වර්ෂය ප‍්‍රථම අදියර 2018 නොවැම්බර් මස 03 වනදා කෑගල්ල පින්වල මධ්‍ය මහා විද්‍යාලයේදි සාර්ථකව පවත්වන ලද අතර ඉදිරියේදී අදියර 17 ක් යටතේ ශ‍්‍රී ලංකාව පුරා මෙම ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය පවැත්වීමට නියමිතයි

    මෙම වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ විභාග වලදී දිස්ත‍්‍රික්ක මට්ටමින් හා ජාතින මටිටමින් දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කෙරේ. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට මෙන්ම ජීවිත රක්ෂණයත් නොමැති දූ දරුවන්ටද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ස`දහා සුදුසුකම් ලැබීමට හැකියාව තිබෙන අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට තවත් ප‍්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ