May, 31, 2022
ධීවර සහ ජලජ සම්පත් වගකීමෙන් යුතුව භාවිතා කිරීම තුලින් ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍යය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් වේ.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, සංවර්ධන සහයෝගීතාව සඳහා නෝර්වේජියානු නියෝජිතායතනයේ (Norad) මූල්‍යාධාර ඇතිව, ශී‍්‍ර ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදෙයි. මෙම ගෝලීය සහයෝගතාවය මඟින් හිඳුනාගත් ක්ෂේත්‍ර 3 ක් දියුණු කිරීමට ධීවර අමාත්‍යංශයට සහයෝගය ලබාදෙයි. (i) නීති විරෝධී, වාර්තා නොවන අවිධිමත් ධීවර කටයුතු (IUU) වලට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත් වරාය රාජ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හැකියාව වර්ධනය කිරිම, (ii) දේශගුණික විපර්යාස වලට ධීවර සහ ජලජීවී වගා අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම, (iii) අස්වනු නෙලීමේ සිට මසුන් පරිභෝජනය තෙක් සිිදුවන ආහාර අහිමිවීම සහ නාස්තිය අවම කිරිම.
ධීවර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේඛම් ජයන්ත චන්ද්‍රසෝම මහතා සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිවීම, නිෂ්පාදන වියදම් සහ මාළු මිල ඉහළ යාම නිසා ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවය. ජයන්ත චන්ද්‍රසෝම මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින්, "ශ්‍රී ලාංකිකයන් සිය සත්ව ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් මත්ස්‍ය පරිභෝජනය හරහා ලබා ගන්නා අතර, මාළු මිල ඉහල යාම නිසා විශේෂයෙන්ම අඩු ආදායම් ලබන ජනතාවට දැරිය හැකි මිලකට මාළු ලබා ගැනීමට නොහැකි වීමේ අහිතකර තත්වයක් ඇතිවී තිබේ. මත්ස්යයිින් අහිමිවීම සහ නාස්තිය අවම කර ගැනීම සඳහා ක්‍රමවේදයන් සොයා ගැනීිමත්, බලශක්තිය සම්බන්ධයෙන් කාර්යක්ෂම ධීවර යාත්‍රා හඳුන්වා දීමෙන් සහ විකල්ප බල ශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම මගින් නිෂ්පාදන වියදම අඩු කර ගැනීමත් අභියෝ්ගයක්ව පැවතුණි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නෝර්වේ රාජ්‍ය විසින් සපයනු ලබන සහයෝගය සමග අපගේ ධීවර කර්මාන්තය මුහුණ දෙන මෙම ප්‍රධාන ගැටළු කිහිපයක් විසඳා ගැනීිමට අපට හැකිවනු ඇත” යනුවෙන් පැවසීය.
ශී‍්‍ර ලංකාවේ සහ මාලදිවයිනේ නෝවේජියානු තානාපති ට්‍රයිනේ ජෝරන්ලි එස්කෙඩාල් මහත්මිය (H.E. Trine
Jøranli Eskedal) මෙසේ ප්‍රකාශ කර සිටියේය. "ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර පවතින ද්වීපාර්ශවික සබඳතා යටතේ ධීවර කර්මාන්තය වඩාත් වැදගත් අංශයක් ලෙස සැලකෙන අතර, මෙම නව සහයෝගීතාවය තුලින් ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ නෝර්වේ රාජ්‍යයේ පවතින දිිගුකාලීන සහයෝගීතාවයට තවත් වටිනාකමක් එක්කරනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි. ධීවර සහ ජලජීවී වගාව ආහාර සුරක්ෂිතතාවය, ජීවනෝපාය සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඉමහත් දායකත්වයක් ලබා දෙයි. එම නිසා ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය සහ බහුලව පවතින සම්පත් ආරක්ෂාකර ගැනීම ඉතා තීරණාත්මක අවශ්‍යතාවයකි. ආරක්ෂිත සහ තිරසාර ධීවර පරිසර පද්ධතීන් ස්ථාපිත කිරීමත්, තිරසාර නිෂ්පාදනයක් සඳහා පවතින හැකියාව වැඩි කිරීමත් කෙරෙහි අපි මහත්සේ උනන්දු වන්නෙමු. කාලෝචිත සහ වැදගත් වන මෙම නව ව්‍යාපෘතිය මඟින් ශී‍්‍ර ලංකාවේ ධීවර සහ ජලජීවී සම්පත් සුරක්ෂිත කිරීම අරමුණය.”
දේශගුණික විපර්යාසයන් සහ මෑතකදී ඇතිවූ කොවිෂ 19 වසංගතය වැනි අභියෝග මැද සිය ජීවනෝපාය පවත්වා ගැනීමට අරගල කරමින් සිටි ධීවර ජනතාව දැන් ආර්ථික අර්බුදය හමුවේ කම්පාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශී‍්‍ර ලංකා සහ මාලදිවයින් නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා අවධාරණය කර සිටියේය. "තර්ජන සහ අර්බුද හමුවේ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය කටයුතු කරයි. මෙම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සහ ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්රයේ දිගුකාලීන අඛණ්ඩ පැවැත්මට ඉඩ සැලසීම තුලින්, සිය පවුල මෙන්ම සමස්ත ජාතියම පෝෂණය කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කරන කුඩා පරිමාණ ධීවරයින් ආරක්ෂාකර ගැනීිම සඳහා ආයතනික හැකියාවන් ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ.” යනුවෙන් ශරන් මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ ලේඛම් ආර්.එම්.අයි. රත්නායක මහත්මිය, ධීවර කර්මාන්තය ආශි‍්‍රත ආයතන සහ පෞද්ගලික අංශයේ් නියෝජිතයන් සහ විද්වතුන් FAO-Norad ව්‍යාපෘතියේ ආරම්භක රැස්වීමට සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ කළමනාකරණ විශේෂඥයින්ට, වෙළඳ සහ කර්මාන්ත ප්‍රවීණයින්ට, ධීවරයින්ට, මත්ස්‍ය වගාකරුවන්ට සහ මත්ස්‍ය සහායකයින්ට සහාය ලැබෙනු ඇත. ධීවර සම්පත් වගකීමෙන් යුතුව පරිහරණය කිරීම තුලින් ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍ර සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණ වන්නේය.
Video Story