ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කරයි

    June, 5, 2018

    ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාවක් මෙම වසර සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති අතර මෙය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මෙතෙක් කල් ප‍්‍රකාශ කර ඇති විශාලතම ප‍්‍රසාද දීමනාවයි. මෙම වාර්තාගත ප‍්‍රසාද දීමනාව ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා දෙන්නේ වසර 2017දී ලබා දුන් ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාව වන රු. බිලියන 6ග2 ක අගයද අභිබවමිනි.

    ආයතනය රුපියල් බිලියන 98ග5 ක ජීවිත රක්ෂණ අරමුදලකට (Life Fund) හිමිකම් කියන්නේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල වාර්තා කරමිනි.

    වසරක් පාසා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් වැඩි අගයක් ගන්නා ප‍්‍රසාද දීමනා ගෙවීම් සිදු කරයි. මෙලෙස 2006 වසරේ සිට එය ගෙවා ඇති ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 50කට වැඩි වේ. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි නිවැරදි ආයෝජන ක‍්‍රම හා වර්ධනය වන ජීවිත රක්ෂණ අරමුදල නිසා තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ඉහලම ප‍්‍රතිලාභ ලබා දීමට ආයතනයට හැකිවී ඇත.

    දිවයිනේ පුරෝගාමී සහ ජාතික රක්ෂකයා වන ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් මෙම වසරේදී ඉතා සතුටුදායක ප‍්‍රතිඵල පෙන්වූ අතර ක්ෂේත‍්‍රයේ විශාලතම වත්කමි සමිභාරය වන රු. බිලියන 190 ක් පෙන්නුමි කලේය.

    2018 Brands Annual වාර්තාවේ වඩාත් ජනප‍්‍රීය වෙළඳ සන්නාම අතර 4වන ස්ථානයට පත්වීමටද වඩාත් ජනප‍්‍රීයම රක්ෂණ සන්නාමය බවට පත්වීමටද ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සන්නාමයට හැකිවිනි.

    ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් එහි සියලු පාරිභෝගික සේවා සහ අනිකුත් මෙහෙයුම් ක‍්‍රියාදාම සඳහා නව ජීවයක් ලබාදී ඇති අතර පාරිභෝගික පහසුව සඳහා හඳුන්වාදුන් අන්තර්ජාල/වෙබ් පිවිසුම මේ අතර ප‍්‍රධාන වේ. දැනට 120කට වැඩි ශාඛා ජාලයද තව දුරටත් වැඩිකිරීමට ආයතනය පියවර ගෙන ඇත්තේ වඩාත් දියුණු පාරිභෝගික සේවා ලබාදීම සඳහාය.

    දශක පහකට අධික කාලයක් තුල ජනතාවට සේවය සපයා ඇති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වනවිට දිවයිනේ විශාලම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය වේ. මෙම ආයතනයට Fitch Ratings මගින් පිරිනමන AA+(lka) ශ්‍රේණිගත කිරීමද හිමිවේ. ලෝකය පුරා පිලිගත් නිවැරදි පාලන සහ ක‍්‍රියාකාරිත්වය වෙනුවෙන් පිරිනමන ISO 9001:2015 සහතිකයද  එය සතුවේ.