ශී‍්‍ර ලාංකිකයෝ බොහෝ දෙනෙක් තම හදවතේ සිහින හඹා යාම වයස අවුරුදු 30 ත් 40 ත් අතරදී අත්හැර දමති

    October, 6, 2017

    ඔබත් එවැනි කෙනෙක් ද?

    • ක‍්‍රමයෙන් වියපත් වීම යනු ඔබට ඔබේ ජීවිතය උපරිමයෙන් විඳීමට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දෙමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම නීරෝගී ජීවිතයකට උපකාරී විය හැකි නව කිරිපිටි වර්ගයක් හඳුන්වා දෙයි.
    • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම ඉලක්ක කරගත්, ශාක ස්ටෙරෝල් :ඡුක්බඑ ීඑැරදකි* සහිත නීරෝගීමත් ජීවිතයකට උපකාරී විය හැකි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අඩු මේද කිරිපිටි වර්ගය මෙයයි.

    ඇන්කර් නිෂ්පාදන බෙදාහරින ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම තවත් පෙරළිකාරී පියවරක් තබමින් ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි පරපුරට සිය ජීවිතය උපරිමයෙන් අත්විඳීමට අත්වැලක් වීම සඳහා ප‍්‍රථම වරට, හෘද සෞඛ්‍යයට උපකාරී වන ශාක ස්ටෙරෝල් අඩංගු කිරිපිටි වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

    මෙම අඩු-මේද කිරිපිටි වර්ගය නම් කර ඇත්තේ ‘ඇන්කර් ලයිෆ්’ නමිනි. රුධිරගත කොලෙස්ටරෝල් අඩු කරන ශාක ස්ටෙරෝල් සහ යහපත් හෘද සෞඛ්‍යයට උපකාරී වන ඔමේගා 3 මේද අම්ල, ආහාරමය තන්තු සහ අනෙකුත් වැදගත් විටමින් හා ඛණිජ ලවණ යොදා මෙය නිෂ්පාදනය කර ඇත. මේ ආකාරයට රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව සහිත සංඝටකයක් යොදා නිපදවා මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන ලද ප‍්‍රථම වැඩිහිටි කිරිපිටි වර්ගය මෙයයි.

    ඔභී මගින් 2015 වසරේදී කරන ලද අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ කොලෙස්ටරෝල් අධික වීම, අධි රුධිර පීඩනය සහ අධික සීනි පරිභෝජනය, මෙරට ජනතාව ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූ ලෙස විශ්වාස කරන බවයි. මෙවැනි පසුබිමක් මත ‘ඇන්කර් ලයිෆ්’ හඳුන්වා දීමට ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම තීරණය කළේය.

    මෙම අධ්‍යයනයට සමගාමීව, වියපත් වීම සහ එය තම ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව ශ‍්‍රී ලාංකිකයන් දරන අදහස් මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා 5,000 ක පමණ පිරිසක් සහභාගී කරවාගෙන සමීක්ෂණයක් සිදුකිරීමට ෆොන්ටෙරා සමාගම විසින් පියවර ගන්නා ලදි. මේ අතරින් 48% ක් තරම් ප‍්‍රතිශතයක් ප‍්‍රකාශ කළේ වියපත් වීම තම ජීවිතයේ ඉලක්ක හඹා යාමට බාධාවක් ලෙස තමන් දකින බවයි. තම හදවතේ සිහින සැබෑ කරගැනීමේ උත්සාහය වයස අවුරුදු 30 ත් 40 ත් අතරදී අතහැර දැමූ බව මේ අතරින් 53% ක්ම ප‍්‍රකාශ කළහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලාංකිකයන් මුහුණදෙන ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූ ක‍්‍රමක‍්‍රමයෙන් වැඩිවන පසුබිමක් තුළ ඔවුන් වයස්ගතවීමේ දී නිරෝගිමත් කි‍්‍රයාශ‍්‍රීලී ජීවිතයක් ගතකිරීමට සහ විශේෂයෙන්ම හදවත නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බවයි.

    ‘‘වයස යනු හදවතේ ඇති සිහින හඹා යාමට බාධාවක් විය යුතු දෙයක් නොවන බව ෆොන්ටෙරා සමාගම විශ්වාස කරනවා. වයස්ගත වීමේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදෙන නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි.

    ‘‘ඇන්කර් ලයිෆ් යනු රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව සහිත ශාක ස්ටෙරෝල් ඇතුළත් මෙරට ප‍්‍රථම වැඩිහිටි කිරිපිටි වර්ගයයි. එමනිසා මෙය ඇන්කර් සන්නාමයට වගේම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවටත් වැදගත් වන සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස හැඳින්වීමට පුළුවන්.

    ‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන ජීවන රටාවන් සමග ඔවුන්ගේ ජීවිතයේ සියලූම අවධි වලට ගැළපෙන නිෂ්පාදන හඳුන්වා දීමට ෆොන්ටෙරා සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ නව නිෂ්පාදනයත් එහි එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.” සුනිල් සේති මහතා වැඩිදුරටත් පැවසී ය.

    පසුගිය සතියේ පැවති ලෝක හදවත් දිනය නිමිති කරගෙන පැවති විශේෂ සංවාදයකදී සුනිල් සේති මහතා ‘ඇන්කර් ලයිෆ්’ නිෂ්පාදනය නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන මහතාද සහභාගී වූ මෙම සංවාදයේදී හදවත් සෞඛ්‍යය වෙනුවෙන් නිසි පෝෂණයක් සමගින් නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

    මෙහිදී වයස කුමක් වුවත් හදවතේ ඇති සිහින හඹා යාමේ වැදගත්කම අවධාරණය කළ මහේල ජයවර්ධන මහතා තමන් ක‍්‍රීඩකයෙකු, සැමියෙකු, පියෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස තමන් දිගින් දිගටම තම හදවතේ සිහින හඹා යන ආකාරය පැහැදිලි කළේය. ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගත් පමණින් ඔහු තම ක‍්‍රියාශීලී දිවි පෙවෙත වෙනස් කර නොමැති අතර එසේ ජීවිතයේ වෙනස්කම් මැද නොවෙනස්ව තම ඉලක්ක හඹා යාමට ඔහු ශ‍්‍රී ලාංකිකයන් දිරිමත් කළේය.

    ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ (පර්යේෂණ හා සංවර්ධන, ආහාර සුරක්ෂිතතාව, තත්ත්වය හා පෝෂණය) මනිෂ් සිං මහතාද මෙම සංවාදයට එක්විය.

     

     

    ඡායාරූපය  - වමේ සිට

    x              ගරු ආරාධිත, සමාජ සුභසාධන උපදේශක මහේල ජයවර්ධන මහතා

    x              ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (ආයතනික කටයුතු) වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා

    x              ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා

    x              ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා සංවර්ධන, ආහාර සුරක්ෂිතතාව, තත්ත්වය හා පෝෂණය) මනිෂ් සිං මහතා