ශුද්ධ විදේශ වත්කම් සෘණ වෙයි

    October, 14, 2021

    ඉතිහාසයේ ප්රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් සෘණ මට්ටමට කඩාවැටී ඇති බවත්, දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්රමාණය පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ නිල සංචිත ප්රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බවයි.
    මෙලෙස ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයයක් ගැනීම පිළිබඳව අද (14) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසන් ලදී. එහිදී අධිපතිවරයා පැවසුවේ ශුද්ධ විදේශ වත්කම්, සෘණ අගයයක් ගත් පළමු අවස්ථාව මෙය නොවන බවයි.
    “ මෑත ඉතිහාසයේ අවස්ථා 15 කදී ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයයක් අරන් තිබෙනවා. මෙය තාවකාලික තත්ත්වයක්. මෙය එක් ගනුදෙනුවකින් අනෙක් පැත්ත හැරෙන්නට පුළුවන්. අපි මීළඟ සති කිහිපයේ දී එක swap හුවමාරුවක් කළොත් සමස්ත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වනවා. ඇතැම් විට මේ සම්බන්ධයෙන් පළවන කරුණු නොමඟ යවනසුළුයි“,  යනුවෙන් අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates