ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිදුම් ලබයි

    February, 27, 2017

    ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේිග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවිමු’ සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ.

    ගෝලීය මූල්‍ය ප‍්‍රජාව අතුරින් සුවිශේෂී අංශ කෙරෙහි විශේෂඥතාවයක් දක්වන සියළු ප‍්‍රමාණයන්ගෙන් යුතු සමාගම් සඳහා සම්මාන ලබාදීම මෙම සම්මාන ප‍්‍රදානය මගින් සිදුකරයි. කොමර්ෂල් බැංකුව වෙත හිමිවූ මෙම සම්මානය මගින් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය විසින් පෙන්වා තිබෙන ඉහළ ගුණාත්මක සේවාව සහ නවෝත්පාදනය ඇගයීමට ලක්කර ඇත.

    ‘අපගේ අන්තර්ජාල බැංකු සේවාවල ප‍්‍රයෝජනවත් බව වැඩිකරමින් ගනුදෙනුකරුවන් අතර මෙම සේවාව ප‍්‍රචලිත කිරීමට පසුගිය වසර දෙක තුළදී අප කැපවුණා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. ‘මේ නිසා, මෙම ජාත්‍යන්තර සම්මානය ලැබීම අපට ලැබුණු දිරියක්. මේ තුළින් මූල්‍ය අංශය තුළ සිදුව තිබෙන නවෝත්පාදනයන්, ජයග‍්‍රහණ, උපායමාර්ග සහ සංවර්ධනයන් මෙන්ම ධනාත්මක වෙනස්කම් ඇගයීමට ලක්කර තිබෙනවා.’

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය විසින් පුළුල් සේවා මාලාවක් ලබාදෙන අතර ප‍්‍රධාන ජාත්‍යන්තර මුදල් ඒකක අටකින් පවත්වාගෙන යන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව, ප‍්‍රධාන මුදල් ඒකක හයක් ආවරණය වන පරිදි පැය විසිහතර පුරාම හරස් මුදල් ගෙවීම් (cross currency payments), ජංගම, ඉතිරිකිරීමේ, ආයෝජන, ණය, සහ ණයපත් ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම, දිනයේ පැය විසිහතර පුරා තම ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම, කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි තෙවන පාර්ශවයකට මේ ආකාරයෙන් අරමුදල් හුවමාරු කිරීමේ පහසුකම මෙම සේවාවන් අතර කැපී පෙනේ. මීට අමතරව, ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් ගොඩනගා තිබෙන ‘ලංකා පේ’ නැමති පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය (CEFTS) ඔස්සේ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම භාවිතා කරමින් බැංකුවේ ගිණුම් තුළින් අනිකුත් බැංකුවල ගිණුම් වෙත ක්ෂණයකින් ඒ මොහොතේම අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාවද සතියේ සෑම දිනකම පැය විසිහතර පුරාම ලබාදී ඇත. එසේම, තම බැංකු ගිණුම්වල මුදල් භාවිතා කිරීමට අවශ්‍ය නොවන ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකුවේ ණයපත් මගින් ගෙවීම් සහ අරමුදල් හුවමාරු කිරීමේ පහසුකම්ද ලබාදී තිබේ. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ www.combank.lk. වෙබ් අඩවිය ඔස්සේ බැංකුවේ අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන්ට ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය යන පහසුකම් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ලියාපදිංචි වෙමින් කොටස් මිලදී ගැනීම සහ ගුවන් ටිකට් පත් සඳහා අන්තර්ජාලයෙන් ගෙවීම් කිරීම වැනි අවස්ථාද හිමිකර දී ඇත.
    කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේදී ලබාදන අන්තර්ජාල බැංකු පහසුකම් මගින් අංශ 09 කට අයත් ආයතන 36 කට අධික සංඛ්‍යාවක බිල්පත් අන්තර්ජාලය හරහා ගෙවීමේ අවස්ථාව ගනුදෙනු කරුවන්ට ලබාදී ඇත. දුරකතන, විදුලි, ජල, ණයපත්, රක්ෂණ, ගාස්තු ගෙවන රූපවාහිනී, අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු මෙන්ම අනිකුත් ගාස්තු යන ඒවා මෙයට ඇතුළත්ය.

    කොමර්ෂල් බැංකුවේ අන්තර් ජාල බැංකුකරණයේ ආයතනික අංශයේ සංස්කරණය තුළින් ආයතනික අංශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් ප‍්‍රතිලාභ ලැබෙන පරිදි ගනුදෙනු වලදී අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන අළුත්ම සවිබලගැන්වීම් ලබාදී ඇත. ස්ථර දෙකකින් යුක්ත ලොගින් එකක් භාවිතා කිරීම මෙහිදී කැපී පෙනෙන කාරණාවකි. මෙහිදී, අන්තර් ජාල බැංකු සේවා භාවිතා කරන්නාට තමා ප‍්‍රිය කරන සේයාරුවක් මෙම අන්තර් ජාල බැංකු සේවා පද්ධතියට ඇතුළු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාවිතා කරන්නා බැංකු සේවාවන් සඳහා ප‍්‍රවේශ වනවිට මෙම ආරක්ෂිත සේයාරුව දැක ගැනීමට හැකිවීම නිසා බැංකු සේවා ලබාගැනීමට අවශ්‍ය වන රහස් වචනය ඇතුළු කිරීමට පෙර අදාළ වෙබ් අඩවිය නිවැරදිවම දැන ගැනීමට මින් අවස්ථාව හිමිවේ. මීට අමතරව, මෙම සේවාව භාවිතා කරන්නාගේ රහස් වචනය සොරකම් කිරීම මග හැරවීම සඳහා ටයිප් කිරීම වෙනුවෙන් තිරයේ දිස්වන කී බෝර්ඞ් එකක් භාවිතා කිරීමේ පහසුකමද ලබාදී තිබේ.

    මෙම පහසුකම භාවිතා කරන්නන්ට තැන්පත් කළ සහ ඉදිරිපත් කළ චෙක්පත්වල පිළිඹිබු (images) නැරඹීමේ අවස්ථාවද ඇත. සිය ගනුදෙනු කරුවන් විසින් තැන්පත් කළ සහ ඔවුන්ගේ නිශ්කාෂණය වන චෙක්පත්වල පිළිඹිබු අන්තර් ජාල බැංකු සේවාවක් තුළින් ඔවුන්ට බලාගැනීමට මෙරට බැංකුවක් විසින් ඉඩ සලසන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ස්ථීර ගෙවීම් ප‍්‍රතිලාභීන් ලියාපදිංචි කිරීමටත් ඔවුන්ට වසරේ දින 365 පුරාම ගෙවීම් කිරීමට මේ වනවිට මෙම සේවාවෙන් අවස්ථාව තිබෙන අතර අදාළ ලේඛන සමග ණයවර ලිපි සඳහා වන අයදුම් පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබාදී තිබේ. මීට අමතරව, බැංකුව සම්බන්ධ කරගන්නේ නොමැතිව සිය අභ්‍යන්තර භාවිතා කිරීමේ අධිකාරීන් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා සමාගම් වලට ආයතනික පරිපාලන පහසුකමක් සඳහා අවස්ථාවද කොමර්ෂල් බැංකුව විසින් ලබාදී ඇත. මූල්‍ය ගනුදෙනු සඳහා හඳුන්වාදී තිබෙන බහුවිධ අවසර ලබාදීමේ මොඩුයුලය නිසා මෙම නවතම අන්තර් ජාල බැංකුකරණ පහසුකම භාවිතා කරන ආයතනික ගනුදෙනු කරුවන්ට අතිවිශාල පහසුවක් ලැබී තිබේ.

    කොමර්ෂල් බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන ඉතාමත් ශක්තිමත් සමූහ ගෙවීමේ පහසුකම වන ‘පේමාස්ටර්’ හි, නවතම සංස්කරණයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙන අතර එය වඩාත් ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පුළුල් ක‍්‍රියාකාරීත්වයක් සහ පාලනයකින් යුක්ත වේ.

    බැංකුව සඳහන් කරන්නේ සේවකයින්ගේ වේතන ගෙවීම, සැපයුම්කරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ කොමිස් මුදල් සහ අනිකුත් නොයෙකුත් ගෙවීම් කිරීම සඳහා සමාගම් විසින් පුළුල්ව භාවිතා කරන ‘පේමාස්ටර්’ මේ වනවිට ද්විත්ව සහ බහුමට්ටම් සහතික කිරීමේ සමූහ ගෙවීමේ ක‍්‍රමයක් භාවිතා කරන බවයි.

    මෙවර කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන්කර තිබෙන ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් නැමති මෙම ප‍්‍රමුඛතම අන්තර්ජාල සහ මුද්‍රිත සඟරාව රටවල් 200 කට වැඩි ගණනක විසිරී තිබෙන Fortune 500 සමාගම්, ප‍්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, මහ බැංකු යන ආයතනවල ප‍්‍රධාන විධායක නිළධාරීන්, ප‍්‍රධාන මූල්‍ය නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති තීරකයින් සහ මූල්‍ය වෙළඳපොළ සහ ප‍්‍රවෘත්ති කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් පරිශීලනය කරන කීර්තිමත් ප‍්‍රකාශනයකි. ඉතාමත් සමබර අයුරින් කරුණු ඉදිරිපත් කරන මෙය මූල්‍ය ප‍්‍රජාව අතර ගෞරවාදරයට ලක්වී ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 658 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.
    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.