ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන ත්‍යාග ප‍්‍රධානෝත්සවය මාතරදී

    December, 8, 2018

    ශී‍්‍ර ලංකාවේ අනාගත පරපුර ඇගයීමේ හා දිරිගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහනේ 2018 වසරේ වැඩසටහන් පෙළ පසුගියදා ආරම්භ කරන ලදී.

    වාර්ෂිකව පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ 2018 වර්ෂය දෙවන ත්‍යාග ප‍්‍රධානෝත්සවය 2018 නොවැම්බර් මස 14 වනදා මාතර බෞද්ධ විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලද අතර ඉදිරියේදී අදියර 16 ක් යටතේ ශ‍්‍රී ලංකාව පුරා මෙම ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය පවැත්වීමට නියමිතය
    මෙම වැඩසටහන මගින් අධ්‍යාපනයෙන් දස්කම් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව ප‍්‍රධානය කරන ලද අතර පසුගිය වසරවලදී මෙන්ම මෙම වසරේදී මෙම ශිෂ්‍යත්වය ජයග‍්‍රාහී දූ දරුවන්ට තවදුරටත් ජයග‍්‍රහණ ලබාගැනීම ස`දහා ශක්තියක් වනු ඇත.

    මෙම වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ විභාග වලදී දිස්ත‍්‍රික්ක මට්ටමින් හා ජාතින මටිටමින් දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් ශිෂ්‍යත්ව ප‍්‍රධානය කෙරේ.

    ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට මෙන්ම ජීවිත රක්ෂණයත් නොමැති දූ දරුවන්ටද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ස`දහා සුදුසුකම් ලැබීමට හැකියාව තිබෙන අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට තවත් ප‍්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ