ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක‍්‍රිකට් ශූරයන්ට උපහාර

    February, 6, 2018

    2018 ජනවාරි 19 දින රත්මලාන ජනසතු ක‍්‍රීඩාංගනයේදී පැවති 2016 ජාතික සේවා ක‍්‍රිකට් තරගාවලියේ 1 කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 16කින් ජාතික ඉතිරි කිරීමේ බැංකු කණ්ඩායම පරාජය කර ශූරතාවය හිමිකරගත් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 1 කාණ්ඩයේ ක‍්‍රිකට් කණ්ඩායම සඳහා උපහාර පිදීමේ උළෙලක් පසුගියදා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හිදී පැවැත්විනි.

    ජයග‍්‍රාහක කණ්ඩායමට අයත් වන්නේ සචින්ද්‍ර රූපසිංහ (නායක), චන්දිම පෙරේරා, සිතුම් විජේරත්න, පී.ඩී.සීත මහේෂ්, නුවන් ජයවර්ධන, නිර්මල ලසිත්, එස්.කේ.එම්. නිශාන්ත. මිලාන් දිසානායක, නලින් ලන්කේශ්වරගෙදර, කේ.එස්.ඩබ්. රංගප‍්‍රිය,තිසර ගොඩහේවා, සුමිත් චන්දන, සී. ආරියවංශ, මදූශික ජයලත් සහ එච්.එල්. සුගත් (නිලධාරි) යන අයයි.

    ආයතන සභාපති හේමක අමරසූරිය මහතා අතින් ඔවුන් ඇගයීමේ සහතික ලබා ගන්නා අයුරු මෙහි දැක්වේ. අධ්‍යක්‍ෂ නිලූ විජේදාස මහතා සහ විධායක අධ්‍යක්‍ෂ කීර්ති කොටගම මහතාද ඡායාරූපයේ වෙති.