August, 7, 2019
කරාතේ ක‍්‍රීඩාව සඳහා යොදා ගන්නා උපකරණ ලබාගැනීමට ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය වෙත රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් කීර්ති බස්නායක මහතා වෙත ලබා දීම ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
පා.ම දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.
Video Story