ෂැංග්‍රි-ලා හෝටලය යළි දැනුම් දෙනතුරු වසා දමයි

    April, 22, 2019

    කොළඹ ෂැංග්‍රි-ලා හෝටලය යළි දැනුම් දෙනතුරු වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    මේ අතර ෂැංග්‍රි-ලා හෝටල් කළමනාකාරීත්වය පවසන්නේ ඊයේ (21) දින හෝටලයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

    පවතින තත්ත්වය හමුවේ ෂැංග්‍රි-ලා හෝටලයේ අමුත්තන් හට විකල්ප නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති අතර එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, සිය අමුත්තන් සඳහා ප්‍රවාහන හා ගුවන්සේවා සංවිධානය සඳහා පියවර ගැනීමට වැඩිදුරටත් කටයුතු කරනු ලබන බවයි.

    එසේම තම අමුත්තන් වෙනුවෙන් සහාය වීම පිණිස ගුවන්තොටුපළ හා රෝහල්වල සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් රඳවා සිටින බවද කොළඹ ෂැංග්‍රි-ලා හෝටලය කියා සිටී.

    කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ අමුත්තන් සම්බන්ධ වැඩිදුර තොරතුරු +603 2025 4619 ඔස්සේ විමසිය හැකි බව ෂැංග්‍රි-ලා හෝටල් සමූහය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.