ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් මුල් පුටුව ස්ථිරවම අලුත්වෙයි

    July, 19, 2018

    ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා Patrick McCloud පත් කර ඇති බව සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම පත්වීම 2018 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙනු ඇත.

    මීට පෙර ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ කිෂූ ගෝමස් මහතා පසුගිය මැයි මාසයේ දී අදාළ තනතුරින් ඉල්ලා අස්විය.

    ඉන් අනතුරුව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ආසියා/ පකිස්තාන කලාපයේ සාමානධිකාරීවරිය වන Rochna Kaul, ශ්‍රී ලංකාවේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරිය ලෙසින් කටයුතු කළාය.

    එළඹෙන සැප්තැම්බර් 01 සිට Patrick McCloud අදාළ තනතුරට පත්වන තුරු තවදුරටත් Rochna Kaul එම තනතුරේ වැඩබලනු ලබන බව සමාගම වැඩිදුරටත් කියා සිටී.