සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි

    April, 10, 2018

    මසක දී පැමිණි දෙවැනි වැඩිම සංචාරකයින් ප්‍රමාණය වාර්තා කරමින්, 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් සියයට 8.9 කින් සැලකිය යුතු ලෙස වැඩි විය. ඒ අනුව, 2017 වසරේ දෙසැම්බර් වාර්තා වූ මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 244,536 හා සැසඳීමේ දී 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් සංඛ්‍යාව 238,924 ක් විය.

    ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් 2018 වසරේ ජනවාරි මාසය තුළ සංචාරකයින් පැමිණි ප්‍රධාන මූලාශ්‍ර පහ වූ අතර, එම රටවලින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මෙම කාලපරිච්ඡේදයේ දී පැමිණි මුළු සංචාරකයින්ගෙන් සියයට 47.2 ක් විය.

    සංචාරකයින් පැමිණීමේ ප්‍රවණතාවට අනුව සංචාරක ඉපැයීම් ද පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2018 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 443 ක් දක්වා වර්ධනය විය.

    මේ අතර 2018 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, 2017 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 670 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 729 දක්වා සියයට 8.8 කින් වර්ධනය විය.