May, 9, 2019
රටක් ආරක්ෂාව තහවුරු කිරීම සංචාරකයින්ට පමණක් බලපාන ආකාරයෙන් සිදුකළ හැක්කක් නොවන බවත්, එම රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කර ඇත්නම්, සංචාරකයින්ගේ ආරක්ෂාවද තහවුරු වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පීඪාධිපති, මහාචාර්ය අනුර කුමාර මහතා පවසයි. ඊයේ (08) විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.
“විදේශිකයෝ ලංකාවට එන්නේ සංචාරයට පමණක් නොවෙයි. විවිධ දේවල් සඳහා ලංකාවට පැමිණෙනවා. විදේශ ආයෝජන සඳහා, සම්මන්ත්‍රණ, රැකියා සඳහා පැමිණෙනවා. ආරක්ෂාව තමයි ප්‍රමුඛ කාරණය. එය හැමෝටම බලපානවා. රටක සංචාරකයින්ට පමණක් ආරක්ෂාව දෙන්න බැහැ.“
“රටේ ජනතාවට ආරක්ෂාව තියෙනවා නම්, සංචාරකයින්ට ආරක්ෂාව තිබෙනවා.“
“රටේ ජනතාවගේ සෞඛ්‍ය හොඳ නම්, සංචාරකයින්ටත් සෞඛ්‍ය ප්‍රශ්න නැති වෙනවා.“
“රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම් හොඳට තිබෙනවා නම්. සංචාරකයින්ටත් ප්‍රවාහන පහසුකම් හොඳට තිබෙනවා.“
“සංචරකයෝ සඳහා පමණක් රටක් හදන්න බැහැ.“
“ඊයේ ජනාධිපතිතුමා කිව්වා, රටේ ආරක්ෂාව හොඳයි, සංචාරකයින්ට එන්න කියලා. එහෙම කිව්වට සංචාරකයෝ එන්නේ නැහැ. දැනට රටවල් 40 ක් වඅතර සංචාරකයින්ට අනතුරු අඟවලා තිබෙනවා. විශ්වවිද්‍යාල ටික, පාසැල් ටික පටන් ගන්න බැරුව, රටේ ඉන්න තානාපතිවරු ගෙන්වලා, ජනාධිපතිතුමා කිව්වවා කියලා ඒ කට්ටිය ඒක අයින් කරන්නේ නැහැ. ඒ කට්ටිය මීට වඩා හොඳට ඒවා බලනවා.“
“ආරක්ෂාව සංචාරකයින්ටත් ඕනේ. රටේ ජනතාවටත් ඕනේ.“
Video Story