සංචාරක පැමිණීම ලක්ෂ 16 1/2 ඉක්මවයි

    September, 19, 2025

    2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,656,916ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එම අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව සැප්තැම්බර් මාසයේ පලමු දින 17 තුළ පමණක් 90,393 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

    සැප්තැම්බර් මාසයේ පළමු දින 17 තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එරටින් පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 25,668 ක් ලෙසයි.

    මීට අමතරව මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ ද වැඩිම සංචාරක පැමිණීමක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 351,263ක් ලෙසයි.

     

    Video Story

    Stock Market

    Exchange Rates