සංචාරක පැමිණීම ලක්ෂ 18 1/2ට ආසන්න වෙයි

    October, 27, 2025

    2025 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 119,670ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුම මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,845,164ක් ලෙසයි.

    ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 29.3%ක එනම් 35,090ක ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

    මේ අතර වසරේ මේ දක්වා ඉන්දියාවෙන් සංචාරකයින් 410,382ක්, එක්සත් රාජධානියෙන් 171,652ක්, රුසියාවෙන් 128,779ක්, ජර්මනියෙන් 113,932ක් සහ චීනයෙන් 110,411ක් ලෙස ලක්ෂයක් ඉක්මවා මෙරටට සංචාරකයින් පැමිණි ප්‍රධාන රටවල් හදුනාගත හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates