සංචාරක ව්‍යාපාරය අංක එකේ ආදායම උපයන ව්‍යාපාරය කිරීම ඉලක්කයයි

    December, 8, 2017

    2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් සංචාරක ආදායම වර්ධනය කිරීමට බලාපොරොත්තු වනබවත් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන බවත් සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    පෞද්ගලික අංශය සම්බන්ධ වෙන්නේ නැත්නම් සංචාරක කර්මාන්තය දියණු වෙන්නේ නෑ. ඉදිරි අනාගතයේ සංචාරක ව්‍යාපාරය අංක එකේ ආදායම උපයන ව්‍යාපාරය බවට පත් කිරීම ඉලක්කයයි.

    අපිට අභියෝග තිබුණත්, අපේ සංචාරක පැමිණීම ඉහළ ගොස තිබෙනවා. ශ්‍රී ලංකා දූපත සංචාරයට ආකර්ෂණීය ස්ථානයක්. සංචාරක සහ චරිකා ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ දී අපේ රට ලබාදී තිබුණු ස්ථානය ඉහළට ගොස්
    තිබෙනවා.

    සංස්කෘතික ත්‍රිකෝණය,සීගිරිය, අභයභූමි, සදාහරිත වනාන්තර සංචාරකයන්ගේ ප්‍රසාදය ට ලක්වී තිබෙනවා. වැඩි සංචාරක ක්ෂේත්‍ර රැකියා සංඛ්‍යාවක් බිහි වී තිබෙනවා. වක්‍ර සේවා සපයන්නන් ලක්ෂ 08ක්. සංචාරක හ චාරිකා
    ක්ෂේත්‍රය රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයනවා. කොළඹ පාදක කරගෙන සංචාරක ආකර්ෂණ වැඩසටහනක් සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.